Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

     විදුලිය භාවිතය අප ඉතා සැලකිලිමත්ව හා සුපරීක්ෂාකාරීව කළ යුතු ය. එදිනෙදා ජීවිතයේ බොහොමයක් කාර්යයන් පහසුවෙන් කර ගැනීමට හා ආලෝකය ලබා ගැනීමට උපකාරී වන්නේ විදුලිය යි. නවීන තාක්ෂණයේ දියුණුවත් සමග අප පරිහරණය කරන බොහෝ උපකරණ ක්‍රියා කරන්නේ ද විදුලියෙනි.
    විදුලිය භාවිතයේ දී අනතුරැ සිදු කර ගන්නේ අපගේ ම නොසැලකිලිමත්භාවය නිසාම යි. අප බොහෝ විට පහසුව සඳහා බහුවිධ විදුලි කෙවෙනිකට පේනු කිහිපයක් සවිකර කාර්යයන් කිහිපයක් එකවර කිරීමට උත්සාහ කිරීමෙන් සිදු වන්නේ භයානක අනතුරකි. රෑපවාහිනි, පරිගණක ආදිය භාවිත නොකරන විට විදුලි සැපයුමෙන් විසන්ධි කර තැබිය යුතු ය. ස්විචය විසන්ධි කිරීමට ද අමතක නොකරන්න. විදුලි පරිපථ හා උපකරණ ජලය ඇති තැන්වලභාවිත කිරීමේ දී සැලකිලිමත්ත විය යුතු ය.
  එසේ ම නිවසේ දී අප නොසැලකිලිමත් වන තවත් අවස්ථා වන්නේ ජංගම දුරකථන ආරෝපණ කළ පසු විදුලිය විසන්ධි නොකිරීම, විදුලි කේතල්, විදුලි ස්ත්‍රික්ක භාවිත කර ඒවා ක්‍රියා විරහිතත නොකිරී ම යි. නිවස තුළ රුහැන් ඇදීමේ දී ද ඒ සඳහා පළපුරැදු අය ලවා එම කටයුතු කර ගැනීම ද ප්‍රමිතියෙන් යුතු විදුලි උපාංග භාවිතය ද කළ යුතු ය.
   තවද විදුලි රුහැන් ආශ්‍රිතව කුඩා දරැවන් සරැංගල් යවන අවස්ථා අප බොහෝ විට දැක ඇති නිසා වැඩිහිටියන් ඒ ගැන සැලකිලිමත් වීම හා ඒ සම්බන්ධව දරැවන් දැනුවත් කළ යුතු ය. එසේ ම බැනර්, ලණු, ආදිය විදුලි කණුවල එල්ලීම ද නොකළ යුතු  දෙයකි. විදුලි රුහැන් අවට කරන කටයුතුවලට ලී ඉනිමග පමණක් භාවිත කළ යුතු ය. 
 විදුලි රුහැන් කඩා වැටී ඇති විට එය ඇල්ලීමෙන් වළකින්න. වහා පොලීසියට හෝ සේවා සැපයුම්කරැට හෝ දන්වන්න. තව ද කෙනෙකුට විදුලිසැර වැදී ඇති විට  ඔහුව අතින් ඇල්ලීමට නොයන්න. විදුලි සම්බන්ධය ලීයක ආධාරයෙන් ඉවත් කළ යුතු ය. විදුලි රුහැනක් වාහනය මතට කඩා වැටුණහොත් උපකාර ලැබෙන තුරැ වාහනය තුළ ම රුඳී සිටීම සුදුසු ය. පිටස්තර අයට වාහනය ස්පර්ශ කිරීමට නොදෙන්න.
  දිනෙන් දින සිදුවන විදුලි අනතුරැ ප්‍රමාණය ඉහළ යන්නේ අපට ද නොදැනීම ය. එනිසා අකාලයේ මිලින වන ජීවිත බේරා ගැනීමට අප දැනුවත් විය යුතු ය. අන් අයට ද විදුලි අනතුරැවලින් ආරක්ෂාවීමට දැනුවත් කිරීම ද අප සැමගේ යුතුකමකි. 

දිලිත් සමින්ද
8 ශ්‍රේණිය,
බප/ජය/ ධර්මපාල විද්‍යාලය,
පන්නිපිටිය.

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.