විල්පත්තුව
- 2018-11-11 11:59:46
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකාවේ තිබෙන වැදගත් ම හා පැරුණිතම වනෝද්‍යානයක් ලෙස විල්පත්තුව හැඳින්විය හැකි ය. විල්පත්තුව මුල් කාලයේ අභයභූමියක් ලෙස සලකා ඇත. 1938 දී ජාතික වනෝද්‍යානයක් බවට පත්විය. වන ජීවීන්ගේ පාරාදීසයක් වූ විල්පත්තුව පක්ෂීන්ගේ රජදහනක් ව පවතී. ස්වාභාවික විල්ලු සමූහයකින් හෙබි විල්පත්තුව දිවියන් දැකබලා ගැනීමට ඇති හොඳම ස්ථානය යි. මෙහි තැනින් තැන දක්නට ලැබෙනවිවිධ වර්ගයේ විල්ලු ඇති නිසා විල්පත්තු නම යෙදීමට හේතු විය. විල්පත්තුවේ දී අපට විවිධ වර්ගයේ කුරැල්ලන් දැකබලා ගත හැකි ය. එනම් අළු කෑඳැත්තා, දෙමළිච්චා, වලි කුකුළා වැනි ආවේණික පක්ෂීන් රංචු වශයෙන් මෙහිදී දැක ගත හැකි ය. ක්ෂීරපායී සතුන් ද උරග විශේෂයන් ද මෙහි බහුල ය. කටු පඳුරැ , තෘණ භූමි, කඩොලාන නොයෙක් වර්ගයේ පඳුරැ වර්ග ද මෙහි දැකගත හැකි ය.
අපි මෙම සුන්දර විල්පත්තුව රුකගත යුතු වෙමු.
බිමාෂා මධූවන්ති
8 ශ්‍රේණිය,
සී . ඩබ්.ඩබ්. කන්නන්ගර මධ්‍ය මහා විද්‍යාලය,
මතුගම.
Reply To:
Name - Reply Comment
0 Comments