විස්මිත සීගිරිය
- 2019-03-01 12:03:51
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කුවේරයාගේ ආලක මන්දාව යන අද්වීතිය නාමය ලත් සීගිරිය ලෝක පුදුමයකි. කාශ්‍යප රජුගේ නිර්මාණයක් වන සීගිරිය දැකුම්කලු, ආකර්ෂණීය නිමැවුමකි. සීගිරිය අතීතයේ කාශ්‍යප රජු තම බලකොටුව ලෙස පත් කරගත්තේය. එමෙන්ම එය කලාගාරයක් ලෙස ප්‍රකට වීමට හේතු රාශියක් ඇත. සීගිරි කැටපත් පවුර, සීගිරි බිතු සිතුවම්, සිහගිරිය එයට සාධක වේ. ප්‍රථම වරට සීගිරියේ කුරැටු ගී පැහැදිලිව පවසන ලද්දේ පුරාවිද්‍යා කොමසාරිස් මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාය. අලංකාර සීගිරියට පියමං කරනුයේ සීගිරි පෙත් මග ඔස්සේය. අතීතයේ දී දියුණු ජල නළ පද්ධතියක් තිබූ බවට සීගිරියේ ඉහළ කොටසේ ඇති ජල පොකුණු හේතු සාධක වේ. එමෙන්ම කාශ්‍යප රජතුමා සීගිරි පෙත් මගෙන් ඉහළට යෑමට අපහසු බැවින් ක්ෂණිකව සීගිරි ගල නැගීමට සෝපානයක් භාවිත කළ බව පැරණි පුරාවෘත්තවල සඳහන් වේ. සීගිරිය නිර්මාණය කිරීමේ දී කාශ්‍යප රජතුමා සීගිරියේ වන ලැහැබ්වලට අහිතකර ලෙසට නිර්මාණය කළේ නැත. ගසකට යාබදව ජල පොකුණු සාදා ඇත්තේ එලෙසටය. පසෙකින් අලංකාර වනයකි. මෙම සීගිරිය ඉතා විස්මිත නිර්මාණයකි.
එස්.ඒ.සයුරි නවෝද්‍යා අබේසුන්දර
7 වැනි ශ්‍රේණිය,
අ/විද්‍යාර්ථ මහා විද්‍යාලය,
කැකිරාව.
Reply To:
Name - Reply Comment
0 Comments