වෙසක් උත්සවය
- 2019-08-16 14:38:06
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
වෙසක් උත්සවය සමරනු ලබන්නේ ලොව් තුරා බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම සහ පිරිනිවන් පෑම යන තෙමඟුල හේතු කොටගෙනයි. බෞද්ධ ජනතාව විසින් සමරනු ලබන උතුම්ම ආගමික උත්සවය නම් වෙසක් උත්සවයයි. වෙසක් පෝය උදා වෙන්නේ මැයි මාසයේ දීය. වෙසක් නමින් හැඳින්වෙන්නේ ද මැයි මාසයයි. වෙසක් උත්සවය සඳහා බාල මහලු සෑම දෙනාම කල්තියාම සූදානම් වෙති. තොරණ හා විශාල පහන් කූඩු සෑදීමට සූදානම් වන්නේ මාස ගණනාවක සිටය. එමෙන්ම වෙසක් උත්සවය දිනයේ දී සෑම නිවසකම බෞද්ධ කොඩි ඔසවා වෙසක් සැරසිලි වලින් නිවෙස් මෙන්ම මාර්ග සැරසීම කෙරෙයි. වෙසක් උත්සවය දිනයේ සෑම පන්සලකම සිල්ගත් උපාසක උපාසිකාවන්ගෙන් පිරී ඉතිරී යයි. වෙසක් පෝය දිනයට බත්, කෝපි, නූඩ්ල්ස්, අයිස්ක්‍රීම්, බීම, ඔසුපැන් වැනි දන්සල් විශාල ප්‍රමාණයක් දැකගත හැකිය. ඉමහත් ගෞරවයෙන් සමරනු ලබන වෙසක් පොහොය දිනයේ බුදුරජාණන් වහන්සේ කියාදුන් මග යෑමට අපි සැවොම සිතට ගනිමු.
ජී.ජී.සංජානා ඉඳුවරී
4 වැනි ශ්‍රේණිය,
බප/ජය/ජනාධිපති ප්‍රාථමික විදුහල,
නාවල.
Reply To:
Name - Reply Comment
0 Comments