Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

සංවරවීමේ වැදගත්කම

  • 2019-10-06 16:05:38
  • 0 Comments

සංවරකම යනු ඕනෑම ජන කොටසක් යහපත් ආකාරයට හැඩගස්වනු ලබන ආචාරධර්ම පද්ධතියකි.වර්තමාන සමාජයේ පිරිහෙමින් පවතින එහෙත් සෑම පුද්ගලයකු තුළම අනිවාර්යෙන් ම ඇති කරගත යුතු ගුණාංගයකි සංවරකම. අතීතයේ පටන් අභිමානවත් සංස්කෘතිකයට සාරධර්ම පද්ධතියකට ඉහළ සංවරකමකට හිමිකම් කියූ ජන කණ්ඩායමක් ලෙස ශ්‍රී ලාංකිකයෝ පිළිගැනෙති. වැඩිහිටි සත්කාරය හා ගරැ කිරීම, ගුරැ දෙගුරැන්ට කීකරැ වීම, ආගමට දහමට ළැදි බිය හා පාපයට බියවීම ආදි ගුණාංග රුසක් ඔවුන් සතුව පැවතිණි.
සංවරකම පිළිබඳව අප මුලින් ම අධ්‍යාපනය ලබන්නේ නිවසේ පරිසරයෙනි. 

මා පිය ආදි වැඩිහිටියෝ අපට හොඳ නරක හඳුන්වා දෙති. නිවසක තැනක හැසිරෙන අයුරැ, කනබොන අයුරැ, කතාබහ කරන අයුරැ කියාදෙයි. පසුව අප ඇතුළු වන්නේ පාසල් අධ්‍යාපනයට යි. එහිදී අපි ශාස්ත්‍ර ඥානය දියුණු කරගෙන කුසලතා වර්ධනය කරගන්නා අතර ම සංවර ලෙස සමාජයක හැසිරෙන පිළිවෙළ මිතුරැ මිතුරියන් ආශ්‍රය කරන ආකාරය, යම්කිසි ගැටලුවකට මුහුණ දෙන ආකාරය  ඉගෙන ගන්නෙමු.
පාසල් අධ්‍යාපනයෙන් පසුව යහපත් පුරවැසියකු ලෙසින් සමාජයේ බැබළීමට රටට දැය ට වැඩදායි කෙනෙකු වීමට සංවරකම අපට ඉමහත් පිටිවහලක් වෙයි. අප නීතිගරැක, විනයගරැක, සංවර අයකු වූ විට සමාජයේ පුද්ගලයෝ අප අගය කරති. අවවාද අනුශාසනා ලබා දෙමින් අප තව තවත් දිරිමත් කරති. ආශිර්වාද කරති. සංවරකම අපගේ පැවැත්ම උදෙසා අති විශාල වශයෙන් අවශ්‍ය වන ගුණාංගයකි. 
සංවර වීමේ වැදගත්කම අගයමින් සංවර වී සමාජයේ ඉහළ තැන් කරා යාමට පාසල් දරැවන් වශයෙන් අපි ඉටා ගනිමු.

සරලි හෙට්ටිහේවා
10 ශ්‍රේණිය,
දේවි බාලිකා විද්‍යාලය,
කොළඹ 8.

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.