සතුන්ට කරුණාව දක්වමු
- 2019-04-16 15:47:11
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අපේ වටපිටාවේ බොහෝ සත්තු ජීවත්වෙති. ඉන් සමහර සත්තු අපගේ ගෙවල්වල අප ඇසුරේම සිටිති. බල්ලා, බළලා, ගවයා. එළුවා වැනි සතුන් අප ඇසුරේ සිටින සතුන් ය. හාවා , ලේනා, කුරැල්ලන් අපෙන් ඈත්ව අප පරිසරයේ ම ජීවත් වන සත්තු වෙති. මේ සැම සතකුට ම අප කරැණාව දැක්විය යුතු ය. එහෙත් ඇතැම් ගෙවල්වල ඇති කරන සතුන් ට ද හිංසා කරනු දැකිය හැකි ය. උන්ගෙන් සිදුවන සුළු වරදටත් පහර දෙති. එයින් උන්ට තුවාල ද සිදුවේ. එයින් ඒ අසරණ සත්තු බොහෝ කාලයක් දුක් විඳිති. කොර ගසමින් යන සතුන් සමහර විට අපට දක්නට ලැබේ. ඒ කවුරැන් විසින් හෝ කරන ලද දඬුවමක් නිසා සිදු වූවකි. සමහරැ විනෝදය සඳහා කරන්නේ සතුන්ට හිංසා කිරීමයි. එය ඔවුන්ට විනෝදයක් වුවත් අසරණ සතුන්ට මහා හිංසාවකි. අපි කුඩා කල සිට ම සතුන්ට කරැණාව දක්වමු.
දුලාංජනී රණසිංහ
7 ශ්‍රේණිය.
Reply To:
Name - Reply Comment
0 Comments