සමගිය බලය වේ
- 2019-07-19 14:57:57
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සමගිය යනු එකමුතු බවයි. එකමුතු වීමෙන් මහා බලයක් ශක්තියක් ගොඩනැගිය හැකි ය. එක දෙක වැහි බිංදු වැටී ගලා යන්නේ මහා ජල කඳක් මෙනි. එය එකමුතු බවේ ශක්තිය ,විශාලත්වය පෙන්නුම් කෙරෙන හොඳ නිදසුනකි. සමගිය ඇති තැන සිදුවන දියුණුවකි, සංවර්ධනයකි. සමගිය බලය වේ. යනුවෙන් කියමනක් ද ඇත. ඈත අතීතයේ පටන් ශ්‍රි ලාංකිකයන් සමගියෙන් විසූ බව පොත පතෙහි පවා සඳහන් වෙයි. අදත් පිටිසර ගම්මානවල මිනිස්සු සමගියෙන් ජීවත් වෙති. හදිසි කරදරයක දී වුවද ගමේ සියලු දෙනාම සහාය වෙති. සතුන් පවා රංචු ගැසෙමින් සමගියෙන් ජීවත් වෙති. ජල බිදු පොළොවට වැටී මහා ගංගාවක් සෑදෙන්නේ ය. මිනිසුන් වන අප ද එකමුතු වී සමගියෙන් වැඩ කළහොත් අපට රටක් වශයෙන් තවත් ඉදිරියට යා හැකි ය.
හර්ෂ ශෂින්ද්‍ර දයාරත්න
6 ශ්‍රේණිය,
ර/එරත්න මහා විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments