Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

සමනලී

  • 2019-07-26 09:57:16
  • 0 Comments

ඔන්න එකමත් එක ගමක හිටියා පුංචි සමනලී කියලා ළමයෙක්. එයාගේ අම්මායි තාත්තායි එයාට හරිම ආදරෙයි. ඒත් සමනලීගේ මවුපියෝ වෙලාවකට කල්පනා කරනවා අපේ පුංචි සමනලී කොහොම ද මේ තරම් මුරණ්ඩු වුණේ කියලා. එයා ඉස්සර නම් හරි ම හොඳ ළමයෙක්. සමනලී ඉස්සර කැමතියි අන් අයට උදවු කරන්න. ඒත් එයා දැන් අනෙක් ළමයි එක්ක සෙල්ලම් කරන්න පොඩ්ඩක්වත් කැමති නැහැ. ඉස්සර අපේ පුංචි සමනලී දහම් පාසල් යන්න හරි ම කැමතියි. ඒත් දැන් එයා පන්සලටවත් යන්න කැමති නැහැ. පුංචි සමනලී අම්මාටයි තාත්තාටයි ගොඩාක් වද හිංසා කරනවා. එයාගේ අම්මායි තාත්තායි එයා ඉල්ලන ඕනෑ ම දෙයක් අරන් දෙනවා. එයා කියන දේ ඒදෙන්නා කරනවා. මේ විදිහට කාලය ගතවන විට අවුරැදු කාලය උදා වුණා. සමනලී හොඳට ම දන්නවා අවුරැදු කාලෙට නුවර ඉන්න අත්තම්මා තෑගි බෝග අරගෙන එයාගේ ගෙදර එනවා කියලා. අවුරැදු කාලයට ගෙවල්වල හදන කෑම අපේ ගෙදරත් හදනවා කියලා සමනලී දන්නවා. ඒ වගේ ම අවුරැදු දවස හෙටයි කියලා කැවුම්, කොකිස්. සුවඳ  පැතිරෙන්න පටන් ගත්තා. අත්තම්මාත් ආවා. අත්තම්මා එයාට ගෙනැත් තිබුණු තෑගි අතර ළමා සාරියකුත් තිබුණා. සමනලී  ඒ ඇඳුම මොකට ද කියලා අත්තම්මාගෙන් ඇහුවා. 
අත්තම්මා පිළිතුරැ දුන්නේ මෙසේ ය. 
‘සමනලී ඔයා වගේ පුංචි ළමයි සතිපතා දහම් පාසල් යනවා. දහම් දැනුම සැම දරුවකුට ම ඉතා ම අවශ්‍ය යි. ඒ නිසා ඔයා හැම සතියක ම ඉරිදා දිනය දහම් පාසලට යන්න ඕනෑ. ‍‘
‘හොඳයි අත්තම්මේ මම අද ඉඳලා කීකරැ හොඳ ගුණ යහපත් වෙන්න අධිෂ්ඨාන කර ගන්නම්.‘
අත්තම්මා මුරණ්ඩු සමනලීගේ හිත වෙනස් කළා.

හිරැෂි ලක්ෂානි
9 ශ්‍රේණිය,
ර/පනාපිටිය විද්‍යාලය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.