සාරධර්ම පිරිහුණු සමාජයක්
- 2020-03-13 10:51:28
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
වර්තමානය වන විට ගුණධර්ම සාරධර්ම පිළිබඳව නොදන්නා තරමින් මිනිසුන් කෘෘර වී ඇත. අද ලෝකයේ ඇති වී තිබෙන විශාල ගැටුම් ප්‍රමාණයකට මුල් වන හේතුව නම් සාරධර්ම නොමැති වීමයි.
අනාගත පරම්පරාව මෙහෙයවන වත්මන් ළමුන්ගෙන් වැඩි පිරිසක් මෙවැනි ගුණධර්ම නොදන්නා පිරිසක් බවට පත් වී ඇත. තම මවුපියන්ට හිරිහැර කිරීම, ගුරැවයන්ට කීකරැ නොවීම, ආචාරශීලීව ආහාර නොගැනීම, සම වයසේ හෝ බාල ළමුන්ට විවිධ තර්ජන සිදු කිරීම වැනි අයහපත් ක්‍රියා අද වන විට වැඩි වී ඇත.
මවුපියන් ගුරැවරැන් යනු ඉතා උතුම් පුද්ගලයන්ය. ඔවුන් අපේ ජීවිත ගොඩනැගීමට, යහපත් කිරීමට දක්වන අධික වෙහෙස අපමණය. එසේ නම් ඔවුන්ව සම වයසේ කණ්ඩායම් මෙන් ඇසුරැ කිරීම.විහිළු තහළුවට ලක් කිරීම කෙතරම් නින්දිත ක්‍රියාවක් ද ගුණධර්ම පිරිහී යන සමාජයක ළමුන්ට අධ්‍යාපනය දෙවැනි කොට ගුණධර්ම ප්‍රථම විය යුතුය. කෙරම් හොඳින් ඉගෙන ගත්තත්, ලෝකයේ ඉහළම තැනකට ගියත් ඔහු සාරධර්ම නොදනී නම් ඔහුගෙන් ඇති ඵලය කුමක්ද?
ළමයින් වශයෙන් අපි අධ්‍යාපනය ද ගුණධර්ම ද නිසි ලෙස පවත්වා ගනිමින් ලෝකයේ අනාගතය බබලවමු.
බිහඳු දුල්වන් බණ්ඩාර
8 ශ්‍රේණිය,
බණ්ඩාරනායක විද්‍යාලය,
ගම්පහ.
Reply To:
Name - Reply Comment
0 Comments