සැන්දෑවේ අසිරිය
- 2019-09-23 16:05:51
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඉදී වැටෙන රත් පලසක් සේ දිනිසුරැ අවර අහසේ සැඟවී යන සමය හැන්දෑව යි. බිම වැතිරගත් දැවැන්ත උරගයන් සේ පොල්ගස්වල සෙවණැලි බිම පතිත වී ඇත. දිනිසුරැ උදාවත් සමග විකසිත වූ පුෂ්ප නැවතත් මුකුලිත වන්නේ තම රාජකාරිය අවසන් බව හඟවමිනි. මළහිරැ රශ්මිය යට කු ඩා දරැදැරියෝ වෙරළේ මාලිගා තනති. ඒ සමගම දියඹට යන ධීවරයෝ තම යාත්‍රා දියත් කරන්නට වූහ. දරැවෝ එම යාත්‍රා ඈත මුහුදේ තිතක් මෙන් නොපෙනී යනතුරැ බලා සිටියහ. හිරැ උදාවත් සමග විකසිත වූ තඹර පෙති නැවත මුකුලිත වනවාත් සමග ම කුමුදු, සේපාලිකා වැනි පුෂ්ප දසත සුවඳ පතුරැවාගෙන විකසිත වෙයි. සැන්දෑවේ අසිරිය මෙලෙස පවසමින් රන් තැටියකින් කිරි ඇදහැලෙන්නාක් සේ සඳ කිරණ මිහිතලය සිපගන්නට විය. අද මෙහෙවර අවසන් කළහිරැ යළිත් හෙට අලුත් දවසකට එළිය රුගෙන පැමිණෙනු ඇත.
වරැනිකා සංදීපනී
9 ශ්‍රේණිය,
ර/මඩලගම මහා විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments