Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

සිරිලක අසිරිය

  • 2019-11-27 14:35:29
  • 0 Comments

අපේ රට ශ්‍රී ලංකාව යි. අතීතයේ ශ්‍රී ලංකාව විවිධ නම්වලින් හඳුන්වා ඇත. අපේ රටේ සුන්දරත්වය නිසා ඉන්දියන් සාගරයේ ‘ මුතු ඇටය‘ ලෙස හඳුන්වයි. එසේම අතීතයේ දී සිලොන්,  සෙයිලාන් වැනි නම් ද භාවිත කර තිබේ. අපේ රටේ කෘෂිකර්මාන්තයේ සාරවත් බව නිසා ‘ පෙරදිග ධාන්‍යාගාරය‘ යන විරැදාවලියට ලක්ව තිබේ.  රජරට අතීත රජවරැ වැව් අමුණු සාදා කෙත්වතු අස්වැද්දූ නිසා අප මේ විරැදාවලියට ලක්ව තිබේ. 
කන්ද උඩරට යන විට නෙත ගැටෙන්නේ සීත මීදුම් පට අතරින් එබී බලන ගිරිශිඛර හා ඒවායෙන් ගලා හැලෙනා දිය ඇලි ය . ඒවායේ රිදී පැහැති ජලධාරා රළ පෙරළමින් පෙණ නංවමින් ඇදී යන්නේ සිතට මෙන් ම  පරිසරයට ද චමත්කාරයක් එක් කරමින් ය. 
එසේ ම රත්නපුර වැනි ප්‍රදේශවල ඇති මිණි කැටවලින්ද රටට විශාල කීර්තියක් ලැබේ. මේ නිසා සංචාරකයෝ විශාල ප්‍රමාණයක් අප රටේ සුන්දරත්වය නැරඹීමට පැමිණෙති. මේතරම් වටිනා සම්පත් ඇති ඉතා සුන්දර අපේ රටට ඉන්දියන් සාගරයේ මුතු ඇටය වැනි නමකින් හැඳින්වීමේ අසාධාරණයක් නැත. අපි අපේ සුන්දර රට අනාගතය සඳහා ආරක්ෂා කර ගනිමු. 

සුපුන් කාවින්ද කෞෂාල්
9 ශ්‍රේණිය,
බප/මීග/ හරිශ්චන්ද්‍ර ජාතික පාසල, 
මීගමුව.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.