සුන්දර කතන්දර
- 2019-07-19 10:58:56
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පාන්දර හමා එන සිසිල් සුළඟ ගතට මහත් ප්‍රබෝධයක් ගෙන දේ. මිදුලේ පිපී ඇති සමන් පිච්ච මල්වල සුවඳ මිදුල සිසාරා පැතිර යයි. පෙරදා රාත්‍රිෙය් තිබූ වවුලන්ගේ බිරි බිරිස් හඬ දැන් කොහේ ගියා දැයි දන්නේ නැත.කුරැල්ලන්ගේ කීචි බීචි හඩ පරිසරයේ නිශ්ශබ්දතාව බිඳ දමයි.
රාත්‍රියේ තුරැලතා මතට පතිත වී ඇති පිනිබිඳු මුතු කැට මෙන් දිලිසේ. පාන්දරත් සමගම පැමිණෙන මීදුම් පටල මුළු පරිසරය ම වසාලයි. කුඹුරේ පැසී ඇති රන්වන් කරල් සුළඟට සෙල වෙන්නේ පාන්දර සුන්දරත්වය කියා පාන්නාක් මෙනි.
රාත්‍රියෙහි හෙලිකොප්ටර් යානා පරිද්දෙන් පියාඹා යන වවුලන් බකමූණන් දැන් කොහේදැයි දන්නේ නැත. යුද්ධයක් නිම වී පැමිණෙනවාක් මෙන් හිරැ කුමරා පැමිණෙනවාත් සමගම සුන්දර පාන්දර නිමාවී යයි. එහෙත් පාන්දර පිළිබඳ අපට කටින් කියා හෝ අතින් ලියා නිම කළ නොහැකි ය.
බෙත්මි මනෝද්‍යා
6 ශ්‍රේණිය,
බ/ජය/ ජනාධිපති බාලිකා විද්‍යාලය,
නාවල.
Reply To:
Name - Reply Comment
0 Comments