Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

සුන්දර බදුල්ල

  • 2018-09-21 15:07:32
  • 0 Comments

ඌව පළාතේ ප්‍රධාන නගරය ලෙස බදුල්ල සැලකේ. රමණීය කඳු වළල්ලකින් මුළු නගරය ම වට වී පෙනේ. නගරය බේසමක විලාසයෙන් පිහිටා ඇත. පළාතේ ම පරිපාලන හා සේවා මෙහෙයවන විවිධ කාර්යාල නගරය තුළ පිහිටා ඇත. ප්‍රධාන වෙළෙඳ නගරයත් මෙයයි. පාරිභෝගිකයන්ගේ සියලුම අවශ්‍යතා සපුරාලන රාජ්‍ය සංස්ථා හා පෞද්ගලික වෙළෙඳ ආයතන රාශියකි. වීදියක් පාසා ම අතුරැ සිදුරැ නැතිව විශාල  ගොඩනැගිලි ඉදිවී තිබේ. කඳු වළල්ල තේ වගාවෙන් වැසී ඇත.
සුන්දර බදුල්ල නගරය සුන්දර ලෙස නෙතට රසඳුනක් වන්නේ අලුයමත් සැන්දෑවේත් යැයි සිතේ. කිරිපාට සුදුම සුදු මිහිදුම් සළුවෙන් හැඩ වැඩ වුණු කඳු වළල්ල මතින් සොඳුරැ ළා හිරැරුස් කෙඳි අතරින් නගරයට පතිත වන්නේ කොතරම් චමත්කාර දර්ශනයක් ලෙසට ද?
චිරි චිරි පොද වැස්සක් පොළොව සිපගනිද්දී ලහි ලහියේ අඳුරැ සළුපට කඳු වළල්ල  නගරය පුරා විහිදෙන්නේ සැන්දෑවේ තවතවත් සුන්දර ම සිත්තමක් සිතුවමට නගමිනි. බුදුන් වහන්සේ බුද්ධත්වයෙන් අටවස කැලණියට වැඩි අවස්ථාවේ සමවත් සුවයෙන් වැඩ සිටි ස්ථානයේ පිහිටා ඇති පූජනීය මුතියංගන රජමහ විහාරය නගරයේ පිහිටා තිබීම විශාල ආශිර්වාදයකි.
සිසිල් මඳනලට තවත් සිසිලස එක් කරමින් පරිසරය තව තවත් අතිරමණීය කරමින් කඳුහෙල් අතරින් රිංගා ඇඹරි ඇඹරී ඔමරි කොමළ කරමින් මනහර බදුලු ඔය නගරය මැදින් සෙමෙන් ගලා යයි. නගරයේ යශෝරාවය ප්‍රචලිත කෙරෙන අතිසුන්දර දුන්හිඳ දිය ඇල්ල කිලෝමීටර කිහිපයක් ඈතින් සුදෝ සුදුවට ඇද හැලේ.
කොළඹ කොටුවෙන් දිව එන ටිකිරි මැණිකේ , පොඩි මැණිකේ ආදි දුම්රිය මුළු කඳුකරය ම පසු කරමින් හතිලමින් සැනසුම් සුසුම් හෙළන්නේ බදුල්ලෙනි. කඳුරට මාර්ගයේ අවසන් දුම්රිය පොළත් බදුල්ල ය.

නෙත්මි නවෝද්‍යා සමරසිංහ
8 ශ්‍රේණිය,
ර/ඇරෑපොළ ශ්‍රී මහින්ද මහා විද්‍යාලය,
රත්නපුර.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.