සොබාදහමට ආදරය කරමු
- 2018-09-14 11:24:39
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සොබාදහම යනු ස්වාභාවික පරිසරයයි. ගහකොළ, දියඇලි, ගංගා වැනි දේ ස්වාභාවික පරිසරයට අයිතිය. මිනිසාද, සතුන්ද සොබාදහමේ දායාදයකි. ජල උල්පත් රුකදීම, පිරිසුදු වාතය ලබාදීම, සිසිලස ලබාදීම, සෙවණ ලබාදීම ආදි බොහෝ ප්‍රයෝජන සොබාදහම මනාව අපට ලබාදෙයි. අපට අවශ්‍ය ආහාරපානද ලබා දෙන්නේ සොබාදහම විසිනි. අප ජීවත්වන නිවාසවල අවශ්‍ය දැව ලබා ගන්නේද ස්වභාවධර්මයෙනි. ආහාර පිසගැනීමට දර ඉන්ධනයක් ලෙස සොබාදහමෙන් මිනිසා ලබාගනියි. වගා කටයුතු සඳහා ජලය ලැබෙන්නේ ද සොබාදහමෙනි. මෙවන් ප්‍රයෝජන රාශියක් ලබාදෙන සොබාදහම මිනිසා විසින් විනාශ කරයි. තමාගේ වාසියට ගස් කපා දමා දැව වශයෙන් අලෙවි කරයි. මෙසේ මිල මුදල්වල දැඩි ලෝභකමෙන් මිනිසා තම ආර්ථිකය සඳහා ස්වභාවධර්මය විනාශ කරයි. මෙවැනි ප්‍රයෝජන රුසක් ලබාදෙන සොබාදහමට අපි ආදරය කරමු. එය පණමෙන් රුකගනිමු.
සවිනි කුමසාරැ
6 වැනි ශ්‍රේණිය
මාර/සුජාතා විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments