හිමිදිරියේ සුන්දරත්වය
- 2020-04-09 22:04:07
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
හිමිදිරියේ සුන්දරත්වය
------------------------------------
වෝන්යා බණ්ඩාර, 7 ශ්‍රේණිය වේල්ස් කුමරි විදුහල, මොරටුව.
------------------------------------
1) පාට පාට කුරුල්ලෝ රෑන් රෑන් පියඹා යනවා.
ගස්වල පලතුරු හැදිලා සුවද හමනවා. නෙක නෙක මල් පාට පාට පිපිලා තියෙනවා. හිමිදිරියේ සුන්දර බව අපිට පේනවා.
2) ගංගාවෝ හෙමින් හෙමින් ගලා බසිනවා. වදුරු රංචු පැන පැන විත් පලතුරු කනවා.
වහු පැටියා අම්මා සොයා දුව දුව යනවා. මගුල් ගෙයක් වගේ අපට උදේ පේනවා.
3) මානෙල් ඕකිඩ් වතුසුදු පිපිලා තියෙනවා. වෙල්යායේ ගොයම් කරල් සුලගෙ වැනෙනවා. නිල් ජල දහරාවන් කඩා හැලෙනවා. හිමිදිරියේ සුන්දර බව තව වැඩි වෙනවා.
4) කපුටු කාක් ඈත ඉදන් හඩ පතුරනවා. පුංචි ගොවියා උදලු අරන් කුඹුරට යනවා. පුංචි ළමෝ සුදු පාටින් පාසැල් යනවා. හිමිදිරියේ අසිරිය දැක අප තුටු වෙනවා.
Reply To:
Name - Reply Comment
0 Comments