හිමිදිරි උදෑසන
- 2019-07-12 10:12:51
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
හිමිදිරි උදෑසන හිරැ කුමරා කඳු වැටියෙන් එබී බලමින් අලුත් දවසක් උදා වූ බව අපට පවසයි. උදෑසනම විකසිත වූ පුෂ්පලතාවෝ පරිසරයේ සුන්දරත්වය තවත් වැඩි කරති. උදෑසන කැදලිවලින් පියඹා යන සියොත් කැල මිහිරි ගී ගයමින් පරිසරයේ සුන්දරත්වය දෙගුණ තෙගුණ කරති. උදෑසන ම අවදි වූ කුඩා දරැ කැල සුදු කොක් රූනක් මෙන් සැරසී පාසල වෙත පිය නගන විට පරිසරයේ සුන්දරත්වය තවත් වැඩි වේ.
එවිට උදෑසන ම උදලු කරේ තබාගෙන ගොවිපළ කරා යන ගොවියෝ ඉතා දැකුම්කලු ය. උදෑසන වැටුණු හිරැ එළිය සුදු පිරැවටයක් වගේ ය. සුන්දර උදෑසන වැටුණු හිරැ එළිය දකින විට මගේ නෙත් සිත් ඇද ගනියි. උදෑසන හිරැ කුමරා කඳු වැටියෙන් එබී බලන විට ප්‍රාණවත් වූ තුරැලතා ඉතා මනහර දසුනකි. හරිත පැහැයෙන් බබළමින් රන්වන් වී කරලින් බර වී තිබූ වෙල් යාය උදෑසන දකින විට එය ධවල වර්ණයේ මීදුමෙන් වැසී බබළමින් තිබුණි.
හිරැ කුමරා ටිකෙන් ටික දිලෙමින් පරිසරය දීප්තිමත් කරමින් සතුටින් පිරෙව්වේ ය. මම සුන්දර උදෑසන හොඳින් රසවින්දනය කළෙමි.
නෙත්මි සත්සරණි
6 ශ්‍රේණිය,
බප/කළු/ පානදුර බාලිකා මහා විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments