හිරිගලක් කතා කරයි
- 2020-04-15 10:10:31
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මගේ නිජබිම දකුණු සිරිලක සුපතල නමක් රැන්දූ ගාලු පුරවරයට නුදුරු කොග්ගල ය. මා එහි ජනිත වූයේ තුරුවදුලු පවා ඇතිවීමටත් පෙරාතුව යයි ගැමියෝ කියති. මගේ ආයු කාලය පිළිබඳ විවිධ සලකුණු ගැමියෝ දකිති. මා ආශ්‍රිතව වැඩුණු සරුසාර ගස් කොළන් මට සෙවණ දීම සඳහාම හැදී වැඩී ඇතැයි මට වරෙක සිතෙයි.
ගැමි ජනතාව මගේ වැඩිහිටිකම මෙන් ම අදිසි බලයික් ද ඇතැයි අදහති. එසේ සිතා ඔවුන් මා වෙනුවෙන් සුවිශේෂ පුදසුනක් සකසා මට වඳිති. පුදති. කන්නලව් කරති. කෙසේ වුවත් මම කොග්ගල ගැමියන්ගේ සාරධර්ම අගයමි. ඉතා දීර්ඝ කාලයක සිට දුක් දොම්නස්වලින් කම්පා නොවී කවර බලවේගයකටවත් නොසෙල්වී සිටින මා කළඑළියට ගැනීමට සාහිත්‍ය සූරි මාර්ටින් වික්‍රමසිංහ කලාකරුවා කළ මෙහෙවර අගයමි. එයට මාගේ ස්තුතිය පුද කරමි. මම ගම්පෙරළියේ මහගෙදර අභියස පිහිටි ‘‘හිරිගල‘‘ වෙමි.
රනුදි සඳලිමා,
7 ශ්‍රේණිය,
මාර/සුජාතා විද්‍යාලය,
මාතර.
Reply To:
Name - Reply Comment
0 Comments