හොඳ යාළුවෝ
- 2019-05-10 11:23:29
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
එකමත් එක කාලෙක කඩි යාළුවෙකුයි කූඹි යාළුවෙකුයි හිටියා. ඒ දෙන්නා හොඳම යාළුවෝ.
ඒ දෙන්නගෙන් කූඹි යාළුවා මහන්සි වෙලා ගිම්හාන කාලයේ කෑම එකතු කළා. කඩි යාළුවා හැම තිස්සෙම කම්මැළිකමේ පස්සට දැම්මා. කඩි යාළුවාගේ හොඳම යාළුවා වෙච්ච කූඹි යාළුවා කෑම එකතු කරන්න කඩි යාළුවාව එකතු කරගත්තා. ඒත් කඩි යාළුවා කූඹි යාළුවා තරම් මහන්සි වුණේ නැහැ. ඒ හින්දා එයාට එකතු කරගන්න පුළුවන් වුණේ පොඩි ආහාර කොටසක් විතරයි. එයා වැඩිපුර කළේ කෑම කකා නිදාගෙන ඉන්න එකයි. කඩි යාළුවා එකතු කරන කෑමවලින් ටිකක් ඒ වෙලාවටත් කෑවා. කූඹි යාළුවා ඉස්සරත් වඩා මහන්සි වෙලා වැඩ කළා. ඒත් කඩි යාළුවා ගාණක්වත් නැතිව කෑම පොඩ්ඩක් එකතු කරගෙන කම්මැළිකමේ ගහක් යටට වී කෑම කකා නිදාගෙන හිටියා.
ඔන්න ටිකෙන් ටික ගිම්හාන කාලය ඉවර වී වැහි කාලය පටන් ගත්තා. ඊට පස්සේ කඩි යාළුවයි කූඹි යාළුවයි තමන්ගේ ගෙවල්වලට ගොස් සිටියා. කඩි යාළුවා එයා එකතු කළ කෑම කමින් අලසකමින් නිදාගෙන හිටියා. කූඹි යාළුවා කෑම අරපිරිමැස්මෙන් පාවිච්චි කර ගෙන වැහි සමය ඉවර වෙන තෙක් බලාසිටියා. ටික දවසක් යන විට කඩි යාළුවාගේ කෑම ඉවර වුණා. දැන් කඩි යාළුවාට හරිම බඩගිනියි. එළියට ගොස් කෑම සොයා ගන්නත් බැහැ. හයියෙන් වහිනවා. ඊට පස්සේ කඩි යාළුවා කෑම ටිකක් ඉල්ලා ගන්න කූඹි යාළුවා ගාවට ගියා. කූඹි යාළුවා කඩි යාළුවාටත් කෑම අරපිරිමැස්මෙන් දුන්නා. වැහි කාලේ ඉවර වුණාට පස්සෙ ආපහු ගිම්හාන කාලය පටන් ගත්තා. කූඹි යාළුවා ඊට පස්සෙ කඩි යාළුවාත් එක්ක එළියට ගියා.
ඊට පස්සේ කූඹි යාළුවා කඩි යාළුවාගෙන් පොරොන්දුවක් ගත්තා. ඒ තමයි කම්මැළි නොවී වැහි කාලෙට කෑමට ගිම්හාන කාලයේ දී ආහාර එකතු කරගන්න ඕනැ කියා . ඊට පස්සෙ කඩි යාළුවත් කූඹි යාළුවත් එක්ක කෑම එකතු කළා. හැබැයි කඩි යාළුවාට එයාගේ කම්මැළි පුරැදු අත ඇරගන්න ටික කාලයක් ගියා. ඊට පස්සේ කඩි යාළුවයි කූඹි යාළුවයි සතුටින් ජීවත් වුණා.
කවිඳු හේෂාන්
7 ශ්‍රේණිය,
මාර/නාරන්දෙණිය ජාතික පාසල.
Reply To:
Name - Reply Comment
0 Comments