Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

2075 දී ලෝකය

  • 2020-02-28 10:04:28
  • 0 Comments


අපි අභ්‍යවකාශයට යාමට සූදානමින් උෂ්ණත්වය, විද්‍යුතය, ආර්ද්‍රතාව වැනි සාධකවලට ඔරොත්තු දෙන අභ්‍යවකාශගාමී ඇඳුම ඇඳගත්තෙමු. අපේ ගගනගාමි කාණ්ඩයේ නායකයා වූයේ මම ය. අප කණ්ඩායමේ ගගනගාමීන් වූයේ යෙහෙන්, ප්‍රමුදිත, සදිසි, චමරිය. අප මේ කඩිමුඩියෙන් සූදානම් වන්නේ ශ්‍රී ලාංකාවෙන් නිපදවූ නවතම නිර්මාණයේ සාර්ථකත්වය උරගා බැලීමට ය. එය අභ්‍යවකාශයට යා හැකි විදුලි සෝපානයකි. අපගේ ජනපති මෙම අවස්ථාවට පැමිණි අතර ඔහු අපට සුභාශිංසන එක් කළේ ය. ඉන්පසු අපි සෝපානයේ ඉහළට ගමන් කළෙමු. 
අභ්‍යවකාශයට ළඟාවන විට ඔක්සිජන් ප්‍රමාණය අඩු වූ නමුත් සෝපානය තුළ ඇති ඔක්සිජන් මගින් ශ්වසනය කළෙමු. සෝපානයේ මුදුනට ආ පසු අප දුටුවේ අප වෙනුවෙන් සූදානම් කර ඇති ආලෝකයේ වේගයට වඩා වේගයෙන් යා හැකි සුඛෝපභෝගී යානයකි. අපට නිදිමත ඇති වූ නිසා අපි පෝෂණ පෙති ආහාරයට ගත්තෙමු. අප අවදි වූයේ මිහිරි ගීත හඬකිනි. ඉන්පසු අපි යානය ක්‍රියාත්මක කර යානයට උපදෙස් ලබා දුන්නෙමු. උපදෙස් අනුව යානය ගමන් ගත් අතර අපි යානය තුළට වී ක්‍රීඩාවල නිරත වූයෙමු.
    එහි සිට පෘථිවියේ රෑපවාහිනි කාටුන් පවා බැලීමට තරම් තාක්ෂණය දියුණු වී තිබුණි. තවද දෙපාවලින් රඳවා ගත හැකි කුඩා යානාවකින් අපි මවු යානයෙන් පිටතට පවා පැමිණියෙමු. සමහර අවස්ථාවල අප අසලට උල්කා පැමිණියත් අප සතුවඇති යානාවල විද්‍යුත් චක්‍ර යේ වැදීම නිසා ඒවා දැවී යයි. අප කුඩා උප යානයෙන් අධි උෂ්ණත්වයක් සහිත කළු කුහර තුළට පවා තියමු. අපේ ඇඳුම්වලට සවි කර ඇති  ප්‍රතිබැක්ටීරියා නැනෝ චිප මගින්  අපට රෝග වැලඳීම අඩු වුණා. කුඩා මතක චිප මගින් මනසින් සන්නිවේදනය කිරීමේ හැකියාව පැවතුණා. ක්‍රමයෙන් අපට මේ නවීන පන්නයේ දිවිය හුරැවීමත් සමග අපේ ආයුෂ අවුරැදු 2කින් ආපස්සට ගියා. 

ඔමික ලක්දුල්
9 ශ්‍රේණිය,
තර්ස්ටන් විද්‍යාලය, කොළඹ.  

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.