කූඹියා

2024 අප්‍රේල් මස 19 ප.ව. 01:30 - {{hitsCtrl.values.hits}}  

කූඹියා ජීවත් වන්නේ කූඹි ගුලක ය. ඔවුහු බොහෝ මහන්සි වී කූඹි ගුල සාදති. කූඹියෝ ඉතා කඩිසර ය. කූඹියා රංචු වශයෙන් ජීවත් වෙති. කූඹියාගේ ගුල වැස්සට කැඩී යයි. එම නිසා කූඹීන් ආරක්ෂිත ස්ථානවලට යන්නේ ඔවුන්ගේ බිත්තර ද රුගෙන ය. කූඹියෝ පේළියට යති.
කූඹීන් ආහාරයට ගන්නේ පැණි රස කෑම, බත් හා සතුන්ගේ මළගිය කොටස් ය. ඔවුහු වර්ෂා කාලයට කෑම රුස් කර තබා ගනිති. කූඹියා සර්ව භක්ෂක ය. කූඹීන් වර්ග බොහෝ ඇත. තෙල් කූඹි, කළු කූඹි, නයිකූඹි ඒ අතර වෙති.

ජයනි රන්දිකා
6 ශ්‍රේණිය,
කෑ/මාව/පින්නවල ජාතික පාසල,
රඹුක්කන.

දින පොත