ගම්මානයේ සිරියාව

2024 අප්‍රේල් මස 19 පෙ.ව. 05:56 - {{hitsCtrl.values.hits}}  

ගම්මානය වටවී ඇත්තේ සුන්දර කඳු වැටියකිනි. බැලු බැලු අත දිස්වන්නේ රන්වන් ගොයමින් පිරි නිල්වන් කුඹුරැ යායවල් ය. තවද විවිධ වූ එළවළු හා පලතුරැ වගාවන් ද මෙහිදී දැකගත හැකි ය. මෙලෙස සශ්‍රීකත්වයෙන් හා සෞන්දර්යයෙන් හෙබි මගේ ගම්මානය හියාරේ නමින් හැඳින්වේ. උදෑසනට කුරැල්ලන්ගේ කිචි බිචි  නාදය දසත පැතිරී යයි. එමෙන් ම සමනලයින් විවිධ නැටුම් නටමින් ගම්මානය සුන්දරකරයි. කුඹුරැ වැඩ කිරීම සඳහා උදැල්ල කරේ තබාගෙන උදෑසන ම කුඹුරට යන ගොවියෝ ගම්මානයේ සුන්දරත්වය විඳීමට ද අමතක නොකරති. 
වසු පැටවුන් ද ගම්මානයට සුන්දරත්වයක් ගෙන දෙයි. ගම්මානයේ දී කුඩා ළමයි ඇළ දොළ අසල නැතහොත් සිතට සැහැල්ලුවක් ගෙන දෙන පරිසරයක සෙල්ලම් කරති. ගම්මානයේ ද හමා යන සීත සුළඟ ගත සිත පුබුදුවාලයි. මෙම ගම්මානයේ ජීවත්වීමට ලැබීම මගේ මහත් වාසනාවක් සේ සලකමි.
 
පූර්ණි  ආකර්ෂා
8 ශ්‍රේණිය,
ගා/සවුත්ලන්ඩ්ස් විද්‍යාලය, ගාල්ල.
දින පොත