මුහුදු වෙරළක අසිරිය

2024 අප්‍රේල් මස 19 ප.ව. 06:02 - {{hitsCtrl.values.hits}}  

 එදින පාසල් නිවාඩු දිනයකි. අපි පවුලේ සියලු දෙනාම මුහුදු වෙරළ නැරඹීමට ගියෙමු. මම පළමුවෙන් ම වෙරළෙහි වැලි මාලිගාවක් සැදුවෙමි. එය අලංකාර කළේ සිප්පිකටුවලිනි. ඉන්පසු අපි මුහුදු රළ පෑගීමට ගියෙමු. මුහුදු රළ වෙරළෙහි වැදී අලංකාරවත් ලෙස සුදු පෙණ නැංගේය. මම මුහුද සහ අහස ගෑවී නොගෑවි තිබෙන සිතිජය දැක්කෙමි. පසුව මල්ලීත් මමත් වෙරළේ සෙල්ලමි කළෙමු.
බැස යන හිරැ ගිනි බෝලයක් මෙන් දිස්වුණි. කුරැල්ලන් කැදලි කරා පියාඹන අයුරැ මනරම් දසුනකි. මෙවැනි මුහුදු වෙරළක චමත්කාරය කෙනෙකුගේ සිත් ඇදගන්නාසුලුයි. අහසේ වලාකුළු විචිත්‍රවත් චිත්‍රයක් මෙන් ඈතින් දිස්විය. අපි බොහෝ වේලා එතැනට වී  බලා සිටියෙමු. ඉන්පසු නිවෙස බලා පිටත් වුණත් මුහුදු වෙරළේ තිබූ අසිරිය මට කිසිදාක අමතක නොවේ.
 
දුනිත සේසඳු
6 ශ්‍රේණිය,
බප/කළු/ පානදුර රාජකීය විද්‍යාලය,
පානදුර.
දින පොත