ගෙවත්තේ පස හඳුනා ගෙන වගා කරමු
- 2016-10-17 12:11:42
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සාර්ථක වගා බිමක් පවත්වා ගැනීම සඳහා පසෙන් ලැබෙන්නේ විශාල උපකාරයකි. ගෙවත්තේ පස හඳුනාගෙන වගා කළ විට සාර්ථක අස්වැන්නක් ලබා ගැනීමට හැකිය. ඔබේ ගෙවත්තේ ඇති පස කෙබඳු ද.? මදක් සෙයා බැලුවොත් ඔබට පිළිතුරක් ලැබෙනු ඇත. බොරලු පස්, මැටි පස්, කළු පස්, පොහොර පස්, නිසරැ පස් ඔබේ පිළිතුරැ මින් එකක් වන්නට පුළුවන.ගෙවත්තේ ඇති පස නිවැරදිව හඳුනා ගන්නේ කොහොමද.? අද අපි මේ ගැන තොරතුරැ සොයා බලමු.
පසයි පැළෑටියි
පැළෑටියක් ජීවත් වන්නේ පස ආධාර කරගනිමිනි. පස යනු පෘථිවියේ ඉහළම ස්තරයයි. එනම් මතුපිට වැස්මයි. මෙය සෙබා දහමේ අපූරැ දායාදයකි. පස සෑදෙන්නේ දීර්ඝ කාලීනව සිදුවෙන පාෂාණ ජීර්ණයක ප්‍රතිඵලයක් වශයෙනි.
පස් පිඩැල්ලේ පරීක්ෂණය
මෙම පරීක්ෂණය සඳහා හිස් ජෑම් බෝතලයක්, ලොකු බීකරයක්, හෝ විනිවිද පෙනෙන භාජනයක් අවශ්‍යය. ජෑම් බෝතලයෙන් භාගයක් ජලයෙන් පුරවන්න. ගෙවත්තෙන් ලබා ගන්නා පස් පිඩැල්ලකින් කොටසක් ජෑම් බෝතලයට දමන්න. පස් පිඩැල්ල හොඳින් ජලයේ දියවන්නට හරින්න. පැය දොළහක් පමණ තබන්න. එවිට ජෑම් බෝතලය තුළ පස් තැන්පත්වන අයුරැ ඔබට දක්නට පුළුවන.
මේ අන්දමට ප්‍රධාන වශයෙන් පස් වර්ග තුනක් අපට හඳුනා ගත හැකිය. එහෙත් පස විශ්ලේෂණය කිරීමේ දී ශ්‍රී ලංකාවේ පස් වර්ග රුසක් දක්නට ලැබේ.
වැලි පස
පරීක්ෂණයට අනුව බීකරයේ වැලි ප්‍රතිශතය වැඩි නම් ඔබේ ගෙවත්තේ ඇත්තේ වැලි පසකි. වැලි පසෙහි ජලය රුදීම අඩුය. ජල වහනය වැඩිය. පෝෂකය රඳවා ගැනීම අඩුය. එනිසා පසෙහි සාරවත් බව අඩුය. එම පසෙහි වගා කටයුතු කිරීම තරමක් අපහසුය. වැඩි පෝෂක අවශ්‍ය නොවන බෝග කිහිපයක් සඳහා වැලි පස සුදුසුය. තල්, පොල් හා රටඉඳි මීට නිදසුන් වේ.
ලොම් පස
වැලි පසට හා මැටි පසට සාපේක්ෂව බෝග වර්ධනයට සුදුසු පසකි. ජල වහනය, ජල ධාරිතාව, ජලය රඳවා ගැනීම, ඉහළ මට්ටමක පවතී. සාරවත්ය. පසෙහි අඩංගු කාබනික ප්‍රමාණය වැඩිය. ක්ෂුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය ඉහළ මට්ටමක ඇත. ගොඩ බෝග රුසක් වගා කිරීමට ලොම් පස උචිතය.
මැටි පස
බීකරයේ මැටි ප්‍රතිශතය වැඩි නම් එය මැටි පසක් සහිත ගෙවත්තකි. මැටි පස ඇලෙන සුලුය. ඉක්මනින් ඉරි තලා යයි. තරමත් සාරවත්ය. ජලය රඳවා ගැනීම වැඩිය. ජලය බැසයාම දුර්වලය. වගා කටයුතු කිරීම අපහසුය. වගා උපකරණ මඩෙහි එරෙයි. වී ගොවිතැනට ඉතා යෝග්‍යය. මීට අමතරව කොහිල, ගහල, දිය හබරල, නෙලුම්, ආදිය හොඳින් වැවේ.
පාංශු අවකාශය තුළ ජලය රුඳී ඇත. ජලයේ ප්‍රධාන කාර්ය වන්නේ ශාක මුල් කරා ශාකයට අවශ්‍ය පෝෂක සැපයීමයි.
පාංශු වාතය
වාතය රුඳී ඇත්තේ අවකාශයේය. එබැවින් ජලය අඩු වූ විට වාතය අඩුවේ. වියළි පසක අඩංගු ජල ප්‍රමාණය අඩුය. වාතය ප්‍රමාණය වැඩිය. වාතයේ ප්‍රධාන කාර්ය වන්නේ ක්ෂුද්‍ර ජීවීන් හා ශාක මුල්වලට ස්වාභාවිකව අවශ්‍ය ඔක්සිජන් ලබා දීමය.
වගාවට සුදුසු පසක් සෑදීම
පරීක්ෂණයට අනුව මැටි හා වැලි අධික පසක් නම් කාබනික ද්‍රව්‍ය මුසු කිරීමෙන් බෝගවලට සුදුසු පසක් නිර්මාණය කර ගත හැකිය. දිරාපත් කොම්පෝස්ට්, ගොම, කුකුළු පෙහොර, බෝග අවශේෂ, පිදුරැ, දහයියා අඟුරැ ඊට යෝග්‍ය වේ. එමගින් පසේ සරැ බව දියුණු කර ගත හැකිය. පසෙහි ඇති දුර්වලතා මග හැරී පස සාරවත් බවට පත්වේ. මැටි පසක් ඊට වැලි ද වැලි පසක් නම් එයට මැටි ද එකතු කරන්න.
පසේ වර්ණය
පස සෝදා පාළුව වැළැක්වීමට
ශස්‍ය විද්‍යාත්මක ක්‍රම
වැඩි විස්තර සඳහා- විජය ළමා පුවත්පත කියවන්න
Reply To:
Name - Reply Comment
0 Comments