දිනපොත සමග යාළුවුණු යාළුවෝ
- 2019-01-18 12:02:29
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දිනපොත යනුවෙන් අදහස් වන්නේ එදිනෙදා විස්තර සටහන් කරන පොතකි. බොහෝ ඈත කාලයේ සිට දිනපොත් ලිවීම ඇරඹී තිබිණි. රජවරැ, යුද හමුදා නායකයෝ, නෞකා කපිතාන්වරැ ආදීහු මේ ආකාරයෙන් එදිනෙදා තමන්ගේ රාජකාරි සමග සිදු වන දේ පිළිබඳව සටහන් තැබූහ. තවත් සමහරැ තමන් එදිනෙදා මුහුණ දෙන විවිධ සිදුවීම් දිනපොත්වල සටහන් කළහ. ඒවායින් සමහර දිනපොත් අද වන විට පොත් වශයෙන් මුද්‍රණය කර ලෝකය පුරා ජනයා කියවති. ඈන් ප්‍රෑන්ක්ගේ දිනපොත ඒ අතර ඉතා ප්‍රසිද්ධය.
දිනපොත් ලිවීම දරැවන්ටද හොඳ අභ්‍යාසයකි. ඒ මගින් තමන්ගේ භාෂාව දියුණු වේ. ලිවීමේ හැකියාව වැඩි වේ. ඒ ඒ දිනවල තමන් මුහුණ දුන් විවිධ සිදුවීම් ඒ ඒ දිනවලම සටහන් කිරීමෙන් ඒවා පසු කලෙක කියවා ඒ පිළිබඳව හැදෑරිය හැකිය. සතුටට පත් විය හැකිය.
විජය දිනපොත් ලිවීමේ වැඩසටහන හඳුන්වා දුන්නේ ඒ මගින් දරැවන්ට අපූරැ අත්දැකීමක් ලබා ගැනීමට පෙලඹවීම සඳහාය. එය සාර්ථක වූ බව දරැවන් ලියූ දිනපොත්වල පිටපත් විජය කාර්යාලයට එවීමෙන් පැහැදිලි වේ. එසේ ලියා එවූ අපූරැ දිනපොත් පහක තොරතුරැ මෙහි දැක්වේ.
Reply To:
Name - Reply Comment
0 Comments