පරිස්සම් වන්න - මේ අකුණු හටගන්නා කාලයයි
- 2016-10-22 02:32:31
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අකුණු හෙවත් හෙණ තේමා කරගෙන නිපැයුණු ජනප්‍රවාද රුසකි. හෙණ ගහන කොට එළියට යන්න එපා. ඒ කරපු දේට හෙණ හත වදින්වා වැනි කියමන්වලින් ධ්වනිත වන්නේ අකුණේ ඇති භයානක බවයි. මහ වැහි වහින විට අකුණු හට ගැනීම ස්ථිරයි. එහෙම වෙලාවට සැලකිලිමත් වීම අත්‍යාවශ්‍යයයි. ඒ නිසා අකුණු ගැන දැන ගෙන සිටීම හරිම වැදගත්.
අකුණු කියන්නේ මොනවාද.?
අකුණක් හෙවත් හෙණ පහරක් ලෙස හඳුන්වන්නේ විද්‍යුත් ආරෝපණය සහිත කැටි වලාකුළක් තුළින් හෝ වලාකුළු මගින් හෝ පෘථිවිය වෙතට එල්ලවෙන විද්‍යුත් ක්‍රියාවලියකි. මෙම ක්‍රියාවලිය විද්‍යුත් විසර්ජනය ලෙස ද හැඳින්වේ.
අකුණු හැදෙන්නේ කොහොමද.?
අකුණු ඇති වීමට වැඩිවශයෙන් බලපාන්නේ කැටි වැහි වලාකුළුය. හොඳින් ආරෝපණය වූ කැටි වලාකුළක පහළ කොටසේ සෘණ ආරෝපණය (-) හා ඉහළ කොටසේ ධන ආරෝපණය (+) දැකිය හැකිය. මෙලෙස හොඳින් ආරෝපණය වූ වලාකුළු අතර ප්‍රේරණය නිසා වලාකුළට පහළින් ඇති පෘථිවිය මතුපිට ධන ආරෝපණ හට ගනී. මෙසේ ආරෝපණ කේන්ද්‍ර අතර වර්ධනය වන විද්‍යුත් ක්ෂේත්‍ර වාතයේ බිඳ වැටීම් ක්ෂේත්‍ර දක්වා වර්ධනය වූ විට ආරෝපණ කේන්ද්‍ර අතර විද්‍යුත් විසර්ජන ඇතිවේ. වායුගෝලයේ ඉහළට යන විට පීඩනය අඩු විම නිසා විද්‍යුත් ක්ෂේත්‍රයේ අගය ක්‍රමයෙන් අඩුවේ. මේ නිසා වලාකුළක් තුළ පවතින විද්‍යුත් ක්ෂේත්‍රය පෘථිවියට ආසන්න ස්තරවල තිබෙන විද්‍යුත් ක්ෂේත්‍රයට වඩා අඩුය. මේ නිසා පෘථිවියට අකුණු ගලා ඒමට පෙර වලාකුළ තුළ අකුණු ඇති වේ.
අකුණු පහරක ශක්තිය
අකුණු පහරක ශක්තිය ඉතා විශාලය. ඒ නිසා මහා විනාශයක් පවා සිදුවිය හැකිය. අකුණු පහරක සාමාන්‍ය ධාරාව ඇම්පියර් 25,000ක් පමණ වෙතැයි ගණන් බලා තිබේ. ඒ එහි වෝල්ටීයතාව වෝල්ට් මිලියන සියයක් පමණ වෙතැයි විශ්වාස කෙරේ. මේ වනවිට සොයාගෙන ඇති තොරතුරැ අනුව කුලෝම්බ පහක පමණ විද්‍යුත් ආරෝපණයක් පෘථිවිය වෙත ගෙන එන අකුණු ධාරාවක ශක්තිය ජුල් මිලියන පන්සියයක් තරම් විශාල අගයකි.
අකුණු වර්ග
අකුණක් දෙස පියවි ඇසින් බැලීම පහසුය. එහෙත් අපට දිස්වන ආකාරය අනුව අකුණු වර්ග කිහිපයකට බෙදේ.
වලාකුළක තලයක් වැනි කොටසක් පමණක් දීප්තිමත් වෙමින් හටගන්නා අකුණ තල අකුණ ලෙස හැඳින්වේ.
ප්‍රමාණයෙන් දිගු මාර්ග සහිත අකුණු රොකට් අකුණු නම් වේ. මෙම අකුණු සිය ගමන් මාර්ගයේ සෙමින් සෙමින් ගමන් කරන ආකාරයක් දිස් වේ.
වලාකුළු සහ පොළොව අතර සිදුවන අකුණු පහර විස්ථාපනය වීම නිසා අකුණ පහළට දිස්වේ. එසේ වීමට හේතුව සුළගේ බලපෑමයි.
මෙම අකුණු විශේෂය වලාකුළත් පොළොවත් අතර හටගනී. කොටස්වලට කැඩී දිස්වීම නිසා පබළු අකුණ ලෙස හඳුන්වයි.
මේවා විවිධ ප්‍රමාණයන්ගෙන් දිස්වේ. වායුගෝලය තුළ එහා මෙහා ගමන් කරන වර්ණවත් ආලෝක ධාරාවලින් යුක්තවේ. රවුම් ස්වභාවයක් ගනී.
නිල් පැහැති කේතුවක හැඩයෙන් යුත් ආලෝක ධාරාවක් පිටවීම නිසා මේ නමින් හඳුන්වයි. අකුණු වලාකුළේ මැද පෙදෙසට ඉහළ සිට ඊට ඉහළින් පිහිටි වලාකුළු දෙසට ක්ෂණයකින් පිපිරී යයි.
මෙනමින් හැඳින්වෙන අකුණු වර්ගයේ කිලෝමීටර් කිහිපයක් දුරට විහිදෙන රතු පැහැති පිපිරීමක් දැකිය හැකිය. අකුණු පහරේ අන්තර්ගත ප්‍රබල විද්‍යුත් ධාරාව නිසා එහි ගමන් මාර්ගයේ තිබෙන වායු සැණින් රත් පැහැ ගැන්වේ. මෙසේ සිදුවීම නිසා පොළොවට ළඟාවන අකුණ එම ස්ථානයේ සිට පොළොව මතුපිට විවිධ දිශා ඔස්සේ ඉතා ඉක්මනින් ගලායයි. අකුණ ගමන්ගත් මාර්ගයේ පැළීම්, පිපිරීම් වළවල් හැරිම ආදිය සිදුවනු දැකිය හැකිය.
මේ කාලයේ දී අකුණු වැඩියි
අකුණු තදබල ලෙස බලපවත්වන කාලයක් ද වේ. අපේ රටට වැඩි වශයෙන් අකුණු බලපවත්වන්නේ අන්තර් මෝසම් කාල සීමාවලදීය. එයට හේතුව ශ්‍රී ලංකාවේ පිහිටීමයි. මාර්තු මස සිට මැයි මාසයේ මුල් සති දෙක දක්වා කාලයේදී ප්‍රථම අන්තර් මෝසමත් ඔක්තෝබර් දෙවැනි සතියේසිට දෙසැම්බර් දෙවැනි සතිය දක්වා කාලයේ දී දෙවැනි අන්තර් මෝසමත් ඇතිවේ. මේ කාලයේ දී අකුණු ඇති වීමට හේතුවන කැටි වලාකුළු බහුලව වර්ධනය වේ. ඒ නිසා මේ කාල සීමාවල දී අකුණු බහුලව හට ගනී. එමෙන්ම අනෙකුත් කාලගුණික තත්ත්වයන් යටතේ ද අකුණු ඇති වේ.
මේ ඔබේ ආරක්ෂාවටයි
අකුණු පහරකට ගොදුරැ වුවහොත් ඇතැම් විට ජිවිතය පවා විනාශ වී යාමට ඉඩ තිබේ. නැතහොත් විශාල වශයෙන් දේපල හානි සිදුවීමට ද ඉඩ තිබේ. මේ නිසා අකුණු අනතුරැ අඩු කර ගැනීමටත් අකුණුවලින් ආරක්ෂා වීමටත් අපේ අවධානය යොමු කළ යුතු වේ. මේ සඳහා අපට අනුගමනය කළ හැකි ක්‍රියා රාශියකි.
Reply To:
Name - Reply Comment
0 Comments