Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

BADDAGANA  (20)

නාගරීකරණය වූ පරිසරයක අයස්කාන්ත මෙන්ම මනස්කාන්ත ස්වහාව සොන්දර්යය විඳගත හැකි බැද්දගාන තෙත්බිම් උද්‍යානය ශ්‍රී ජයවර්ධනපුර අධි නාගරීකරණය වූ පරිසරයක, නව පාර්ලිමේන්තු සංකීර්ණය ආසන්නයේ පිහිටා තිබේ. දියවන්නා ඔය අසබඩ පිහිටි මෙම තෙත්බිම වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශිත ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ කුරුළු අභය භූමිය මායිමට ද ඇතුළත් වේ.

හෙක්ටයාර 18 ක් පුරා පැතිරී ඇති මෙම හරිත කලාපය, තෙත් කලාපීය පහත් බිම්වල දක්නට ලැබෙන දේශීය කුරුළු විශේෂ, සමනලුන් විශේෂ, බත්කූරන් විශේෂ රැසකට ද නවාතැන් සපයයි. පහත රට තෙත් කලාපයට ආවේණික වූ ගස්වැල් රැසකින් සමන්විතය. සංක්‍රමණික කුරුළු විශේෂ නවාතැනකි.

නාගරික පරිසර සඳහා නගර සැලසුම් නිර්මාණයේ දී මෙවැනි තෙත්බිම් පරිසර පද්ධති, හරිත කලාපයන් ජනයාගේ නිරෝගී දිවි පැවැත්ම උදෙසා උපකාර වන බවට හඳුනාගෙන ඇත. මේ නිසාම බස්නාහිර පළාත් තෙත්බිම් කලාපීකරණය යටතේ නාගරික සංවර්ධන අධිකාරිය විසින් 2006 වසරේ දී නව පාර්ලිමේන්තුව වටා ඇති අධිකාරිය සතු තර්ජනයට ලක්වූ තෙත්බිම් 11 ක් සංරක්‍ෂණය කිරීමට සැලසුම් කර තිබේ. එහි ප්‍රථම පියවර වශයෙන් බැද්දගාන තෙත්බිම් උද්‍යානය නිර්මාණයයි.  දෙවැනි අදියර ලෙස කෝට්ටේ කොටුබැම්ම තෙත්බිම් උද්‍යානය සංවර්ධනයට සැලසුම් කර තිබේ. නාගරික ජල ගැල්ම පාලනය කළ හැකි ව්‍යාපෘතියක් වශයෙන් ද මෙය ක්‍රියාත්මකය.

BADDAGANA  (2)බැද්දගාන තෙත්බිම් උද්‍යානයෙන් තෙත්බිම් පරිසරය සංරක්‍ෂණයෙ, පරිසර හිතකාමී සංචාරක ව්‍යාපාරය, පරිසර අධ්‍යයන කටයුතු සඳහා ඉඩ සැලසීම ද සිවේ.

උද්‍යානය ගොඩනැඟීමේදී යන්ත්‍රෝපකරණ භාවිතයෙන් තොරව, කණු මත ඉදිවුණු පක්‍ෂි නිරීක්‍ෂණ කුලුනු, ගමන් පථ, පක්‍ෂි නිරීක්‍ෂණ ස්ථාන බදිකර තිබේ.

ලෝක බැංකු ආධාර යටතේ කොළඹ අග නගර සංවර්ධන ව්‍යාපෘතිය මගින් නාගරික සංවර්ධන අධිකාරියේ අධීක්‍ෂණයෙන් උද්‍යානය නිර්මාණය වී ඇත.

මෙම ව්‍යාපෘතියට සමගාමීව කෝට්ටේ රාජධානියේ ඉතිරි වූ පුරාවිද්‍යාත්මක ස්ථාන නැරඹීමේ මංපෙත් (Architectural Trails) ඉදිකර ඇති අතර, උද්‍යාන සම්බන්ධක මංතීරු (Park Connections) මගින් බැද්දගාන තෙත්බිම් උද්‍යානය, අවට ඇති සෙසු උයන් හා සම්බන්ධ වනු ඇත. එමගින් දේශීය හා විදේශීය සංචාරක කර්මාන්තයට නව ප්‍රවණතාවක් ඇති කරමින් පරිසර හිතකාමී සංචාරක ව්‍යාපෘතියක් (Eco Tourism) නිර්මාණය වේ. නවකයන්, පාසල් සිසුන් සඳහා වනසත්ත්ව හා ශාක නිරීක්‍ෂණ වැඩමුළු, වනජීවී ‍ඡායාරූපකරණ හා චිත්‍ර වැඩමුළු, ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් විසින් මෙහෙයවනු ලබන තෙත්බිම් අධ්‍යයන සහ සත්ව අධ්‍යයන වැඩමුළු පැවැත්වීම ද මෙහි ඇති විශේෂත්වයකි.

​තවත් ඡායාරූප-පින්තූර ගැලරිය බලන්න

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.