Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

රක්ෂණය ගැන ටිකක්....

  • 2018-09-14 13:52:59
  • 0 Comments


ශ‍්‍රී ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක් වන අතර එ් සඳහා දායකත්වය දක්වන සේවා ව්‍යාපාර රාශියක් දක්නට ලැබේ. ඒ අතුරින් ප්‍රධාන ස්ථානයක් හිමිවිය යුතු ක්ෂේත‍්‍රයක් ලෙස රක්ෂණය හැඳින්විය හැකි අතර නමුත් තවමත් මහජනතාව අතර ප්‍රධාන අවශ්‍යතාවක  වී නොමැති සේවාවක  රක්ෂණය ලෙස හැඳින්විය හැක්කේ පුද්ගලයකු විසින් තමන්ට මුහුණ දීමට සිදුවන අවධානම් හා අවිනිශ්චිතතාවයන්, අවධානම් දරා ගැනීමට හැකි පාර්ශවයක් වෙත සම්පේ‍්‍රෂණය කිරීමේ
ක‍්‍රියාවලියයි.
තරැව්කරුවන් 

රක්ෂණ ගිවිසුමක් යනු රක්ෂණ සමාගම් හා රක්ෂිත පුද්ගලයා අතර ඇතිවන නීතිමය එකඟතාවකි. රක්ෂණ වෙළෙඳපොළ තුළ අතරමැදි පාර්ශවයන් ලෙස රක්ෂණ නියෝජිතයන් හා රක්ෂණ කැරැව්කරුවන් කටයුතු කරයි. මේ වන විට ශ්‍රී ලංකාව තුළ රක්ෂණ නියාමන කොමිෂන් සභාව යටතේ කටයුතු කරන අතර, ලියාපදිංචි කැරැව්කරුවන්  56ක් ද, රක්ෂණ නියෝජිතයන් 44000 කට ආසන්න ප‍්‍රමානයක් ක්ෂේත‍්‍රය තුළ කටයුතු කරයි. ශ්‍රී ලංකාව තුළ ජීවිත හා ජීවිත නොවන රක්ෂණ ව්‍යාපාර වර්ග දෙකකි. එය පෙර වසර වලට සාපේක්ෂව ඉහළ වර්ධනයක් පෙන්නුම් කරන අතර එය ආසන්න වශයෙන් රු. බිලියන 14.3ක
වාර්ෂික වාරික ආදායමක් වාර්ථා වල පෙන්නුම් කරන අතර එහි වර්ධනය 16.27%ක් වේ. එසේ නමුත් රක්ෂණය තුළින් දළ දේශීය නිෂ්පාදනයට දක්වන දායකත්වය එතරම් ඉහළ අගයකින්

රක්ෂණ වන්දි
නොපවතින අතර වාර්ථාවලට අනුව එහි අගය 1.21%ක් වැනි ඉතා අඩු අගයක් පෙන්නුම් කරයි. රක්ෂණය තුළින් ආර්ථිකයට මෙවැනි වාසි අත්පත්කර දෙයි. රක්ෂණ සේවාව තුළින් ප‍්‍රධාන වශයෙන් සමාජ ආරක්ෂණයක් ලබා දීමට අරමුණු කරයි. එමෙන්ම ජාත්‍යන්තර වෙළෙඳාම ඉහළ නැංවීමේ උපකාරක සේවාවක් ලෙස ගුවන් හා මුහුදු රක්ෂණය තුළ වෙළෙඳාමේ නිරතවන්නන්ට
රක්ෂණාවරණ සපයයි. ශ්‍රී ලංකාව තුළ ආර්ථික වර්ධනය ඉහළ නැංවීම සඳහා රට තුළ කුටුම්භ, ව්‍යවසායකයන්, ව්‍යාපාරිකයන් වෘත්තිකයන් විසින් එදිනෙදා මුහුණ දෙන අවදානම රක්ෂණය කරයි. ශ්‍රී ලංකාවේ සෑම නිවසක් වෙනුවෙන්ම ජාතික රක්ෂණ භාරකාර අරමුදල විසින් රක්ෂණ අරමුදලක් පවත්වාගෙන යන අතර ස්වාභාවික ව්‍යවසන අවස්ථා වලදී විපතට පත් වුවන්ට වන්දි
පිරිනමනු ලබයි. 

හැමෝම රක්ෂණය වනවාද..? 
ශ්‍රී ලංකාව තුළ ආසන්න වශයෙන් මිලියන 21 ක ජනගහනයක් ජීවත් වුවද එපිරිස අතිරින්
රක්ෂණ හිමිකම ලබා ගෙන ඇත්තේ ඉතා සීමිත පිරිසකි. එයට හේතුව ලෙස බොහෝ පර්යේෂණයන් පෙන්වා දෙන්නේ ලැබෙන ප‍්‍රතිලාභ පිළිබඳව මහජනතාවගේ නොදැනුවත්භාව හා ඍණාත්මක ආකල්ප වල බලපෑමයි. ශ්‍රී ලංකාව ගෝලීයකරණය වෙත සංක‍්‍රමණය වෙමින් පවතින අතර නාගරීකරණය හා කාර්මීකරණය තුළ ින් රට දියුණු වනවා මෙන්ම ස්වාභාවික විපත්, ජීවිත අනතුරු, සොරසතුරු ආපදා වැනි විවිධ වූ අවදානම් හා අවිනිශ්චිතතාවලට ජනතාවට නිරන්තරයෙන්ම මුහුණ දීමට සිදු වේ.
එහිදී සිදු වන මුල්‍යමය අලාභහානි අවම කර ගැනීම සඳහා නිවැරදි විසඳුම වන්නේ රක්ෂණය බව බෝහෝ දෙනා නොදන්නා කරුණක් බව ට පත් වී ඇත. එම නිසා රක්ෂණය සඳහා පවතින ආකර්ශනයේද මද බවක් ශ්‍රී ලංකාව තුළ පවති. මෙම හේතු නිසා රක්ෂණ වෙළෙඳපොළ තුළ සිටින සියලුම පාර්ශවකරුවන්ගේ වගකීම වන්නේ රක්ෂණය යනු කුමක්ද යන්න පිළිබඳව නිවැරදි අවබෝධයක් ජනතාවට ලබා දීමය. ඔවුන්ගේ අවශ්‍යතාවලට අනුව නිවැරදි රක්ෂණ ඔප්පු අලෙවි කිරීම තුළින් තෘප්තිමත් රක්ෂණ හිමි කරුවන් වෙළෙඳපොළ තුළින් දෙන අතර ඔවුන් හරහා නව වෙළෙඳපලවල් වෙත පිවිසීමටද රක්ෂණ සමාගම්
වලට අවස්ථාවක් හිමි වේ.

මධුෂිකා වර්ණසිරි
ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයකළමණාකරණ අධ්‍යයන පීඨය.

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.