Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

 

හැඳින්වීම

            චීනයේ ෂෑන්ග් අධිරාජයාගේ කාලයේදී ඖෂධීය පානයක් ලෙස තේ පානය ආරම්භ වූ බව සැලකේ. එම ඉතිහාසය අවුරුදු දහස් ගණනක් ඈතට ඇදී යයි. ක්‍රි.පූ.තුන් වන ශත වර්ෂයේදී මේ ආකාරයෙන් ඖෂධීය පානයක් ලෙස  චීනයේ තේ පානය කර ඇත. පළමු වරට පෘතුගීසි පූජකවරුන්ට හා වෙළෙඳුන්ට තේ පානය හඳුන්වා දී ඇත්තේ 16 වන ශත වර්ෂයේදීය. තේ පානය බ්‍රිතාන්‍ය ජාතිකයන්ට පුරුදු වී ඇත්තේ 17 වන ශත වර්ෂයේදීය. ඒ අනුව බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් තේ පානය හා තේ වගාව සිය යටත් විජිතවල පතුරුවන ලද්දේය. ඉන්දියාවටද, ශ්‍රී ලංකාවටද තේ වගාව ලැබෙන්නේ ඒ ආකාරයෙනි.

            කැෙමලියා සිෙනන්සිස් (Camellia Sinensis) යන විද්‍යාත්මක නාමෙයන් ෙත් හඳුන්වයි.               

තේ උපත

            චීනයේ  ප්‍රචලිත පුරාවෘත්තයකින් කියැවෙන්නේ චීන අධිරාජයකු වූ ෂෙනොන්ග් විසින් උනු වතුර බොමින් සිටි අවස්ථාවක අසළ වූ ගසකින් වැටුණු කොළ කිහිපයක් එම උනු වතුර භාජනයට වැටී ඇති බවත්, එවිට එම වතුර රත් පැහැ ගැන් වූ බවත්ය. එය සිදු වී ඇත්තේ ක්‍රි.පූ.2737 දී පමණය. මේ අනුව තේ පානය ආසියාවෙන් ආරම්භ වී ලෝකය පුරා පැතිර ගිය බව පෙනේ.

img_01 (1)

ශ්‍රී ලංකා තේ

            ලෝකයේ ඉතා විශිෂ්ට තේ නිපදවන්නේ ශ්‍රී ලංකාවයි. එසේම විශාලතම හතරවැනි තේ නිෂ්පාදකයා ලෙස ලෝක තේ වෙළෙඳ පොළ තුළ ශ්‍රී ලංකාව රැඳී සිටියි. අනෙක් විශාලතම තේ නිෂ්පාදකයන් වන්නේ ඉන්දියාව, චීනය හා කෙන්යාවයි. අවම වශයෙන් හෙක්ටෙයාර් 1, 87,309 ක් ශ්‍රී ලංකාවේ තේ වගාව කෙරේ.     

            බ්‍රිතාන්‍ය පාලන සමයේ ශ්‍රී ලංකාවේ තේ වගාව ආරම්භ වූයේ බ්‍රිතාන්‍ය වැවිලිකරුවන්ගෙනි. ඒවා බ්‍රිතාන්‍ය වැවිලි සමාගම් ලෙස පැවති අතර  1970 දී රජයට පවරා ගන්නා ලදී. ශ්‍රී ලංකා තේ ආරම්භයේ ලෝකයට හඳුන්වා දුන්නේ සිලෝන් ටී යන නාමයෙනි. එය අද දක්වාම ඒ ආකාරයෙන් භාවිත කෙරේ. ශ්‍රී ලංකා තේ කාණ්ඩ තුනක් යටතේ වර්ග කෙරේ. එනම් උඩරට තේ, මැද රට තේ හා පහත රට තේ යනුවෙනි. මෙම වෙනස්කම වැදගත් වන්නේ තේවල රසය කෙරෙහි භූ විෂමතාව බලපාන හෙයිනි.  

තේ වගාවට පෙර

            ශ්‍රී ලංකාවේ යටත් විජිත යුගයේදී වැවිලි කර්මාන්තය ආරම්භ විය. ඒ අනුව රජයේ අනුග්‍රහය මුලින්ම ලැබුණේ කුරුඳු වගාවටය. ඒ ලන්දේසි පාලන සමයේදීය. පසුව බ්‍රිතාන්‍ය පාලන යුගයේදී රාජ්‍ය අනුග්‍රහය ලද්දේ කෝපි වගාවටය.            පසුව 1870 ගණන් වන විට කෝපි කොළ රෝගයක් වැළඳීම නිසා කෝපි වගාව විනාශයට පත් විය. ඒ වෙනුවට කොකෝවා හා සින්කෝනා වගාව කෙරෙහි වැවිලිකරුවන්ගේ අවධානය යොමු විය. එහෙත් පසුව එය තේ වගාව කෙරෙහි යොමු වූයේ තේ වගාව ඉතා හොඳින් ශ්‍රී ලංකා භූමියේ කළ හැකි වූ නිසාය.....................

 

තේ කෞතුකාගාරය පිළිබඳව, තේ ඉතිහාසය, වර්තමානය, තේ පිළිබඳ ඇති වූ සාහිත්‍ය නිර්මාණ ආදි අපූර්ව තොරතුරු ඇතුළත් (දන්නා තොරතුවලට එහා ගිය රසවත් තොරතුරු රැසක්)

තේ කර්මාන්තයට වසර 150 ක් සැපිරීම නිමිත්තෙන් පලවන විශේෂ අතිරේකය 2017 අගෝස්තු මස 08 වැනිදා විජය පත්‍රයේ පලකෙරේ.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.