Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

1410444604078_wps_3_04_Nov_2011_Diagram_showi

වසර 2050  වන විට, මිනිසා පරිණාමය වී අලුත්ම මිනිසකු බහිවෙනවා කියලයි, විද්‍යාඥයන් කියන්නේ. ඒ මිනිසා නව තාක්ෂණය, හැසිරීම හා ස්වභාවික වර්ණය අතින් මුළුමනින් ම වෙනස් කෙනකු බවයි, ඔවුන් විශ්වාස කරන්නේ.

නව අදහසක්

ග්ලෝබල් බ්රේන් ඉන්ස්ටිටියුට් පර්යේෂණායතනයේ ප‍්‍රධාන පර්යේෂකයකු වූ කාඩෙල් ලාස්ට් මේ නව මිනිසා ගැන කියන එක් අයෙක්. ඉදිරි දශක හතර ඇතුළත් වෙනස්ම මානවයකු බිහිවෙනවා සිකුරුයි. ඒ බව මානව පරිණාමය දැන්ම පටන් අරගෙනයි, තියෙන්නෙ.” ඔහු කියනවා. අපි හුඟක් වයසට යනකන් ජීවත් වේවි. වයසට ගියත් දරුවන් බිහිකරන්නට පුළුවන් වේවි. ගෙදරදොර වැඩට රොබෝවරුන් යොදා ගනීවි.” ඔහු වැඩිදුරටත් කියනවා.

මානව පරිණාමය

මානවයාගේ මේ පෙරළිය වානරයාගෙන් මානවයා පරිණාමය වීම තරම්ම සැලකිය යුතු වෙනසක් ඇති කරන මහා පරිවර්තනයක් ලෙසයි, විද්‍යාඥයන් මෙය දකින්නේ. ඔබට වයස අවුරුදු 80ක් හෝ 100ක් විය හැකියි. හුඟක් දේ සිදුවන්නේ කෘති‍්‍රම බුද්ධියේ සහය ඇතුවයි.

රොබොට්ටෝ

ඔබේ එදිනෙදා කටයුතු පරිගණක හා යන්ත‍්‍ර මගින් මෙන්ම රොබොට්ටන් ලවා ද කර ගැනීමට හැකි වන අතර ඔබට සතුටුවීමට වගේම  විවේකීව කලාත්මක කටයුතුවලට යෙදීමට වැඩි වේලාවක් ගත කළ හැකි වේවි.

2050 වෙද්දී ...

පරිණාම විශේෂඥයන්ගේ මතය අනුව අප විශ්වාස කරන්නේ 2050 පමණ වන විට එනම් තවත් දශක හතරකින් විතර මානවයාගේ උපරිම වයස අවුරැදු 120 ඉක්මවන බවයි. ලිංගිකව පරිණතවීම තවත් පමා වී සිදු වන අතර අද හා සසඳන විට වයසක ආච්චිලාට දරැවන් බිහි කළ හැකි වන ඇති. මෙයින් හෙළිවන්නේ ජීවන ඉතිහාස න්‍යාය කි‍්‍රයාත්මක ආකාරයයි. සත්වයකුගේ ජීවිතයේ ප‍්‍රජනනය වැනි ප‍්‍රධාන සිදුවීමක් හැඩගස්වන්නට ස්වාභාවික වරණය හේතුවන බව මෙමගින් පෙන්වා දෙයි.

මොළයේ තරම

මෙහිදී මොළයේ ප‍්‍රමාණය විශාල වන නිසා අවයවවලට ඒවායේ උපරිම කි‍්‍රයාකාරිත්වය ළඟා කර ගැනීමට වැඩි ශක්තියක් හා කාලයක් අවශ්‍ය වෙනවා. එවිට ප‍්‍රජනනය සිදුවන්නේ අඩුවෙන්. ඒ නිසා වේගයෙන් ජීවිතය ගෙවා අඩු වයසින් මිය යනවාට වඩා මිනිසා හෙමින් ජිවිතය ගත කරමින් ගොඩක් කලක් ජීවක් වීමට ඉඩ තියෙනවා.

සමාජ අර්බුද

අද ගෝලීය සමාජය ලොකු අවුලක පැටලිලයි තියෙන්නෙ. එවැනි ආපදාවකට මුහුණ දීමේ දී හදිසි විපරිණාමයක් සිදු විය හැකියි. ඒ නිසා මීළඟ මානව පරම්පරාව අතිසංකිර්ණ එකක් වේවි. වර්තමාන ලෝකයේ පවතින මිනිස් සිරුරේ කි‍්‍රයාකාරිත්වය හැමදාම එක වගේ නොවෙනස්ව තියෙන එකක් නැහැ. මධ්‍යකාලීන යුගයේ දී අපට ලැබුණු වෙනස්කම් තවදුරටත් පෙරළියකට ලක්වෙමින් අමුතුම මිනිසෙක් අනාගතයේ බිහි වේවි.  

ලුසිත ජයමාන්න  ඩේලිමේල් ඇසුරිනි

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.