ප්‍රථම ක්ලෝන ආක්ටික් වෘකයා චීනයෙන් එයි

2022 දෙසැම්බර් මස 01 ප.ව. 07:35 - {{hitsCtrl.values.hits}}  

මේ පර්යේෂණයේ දී ඔවුන් විසින් නව කලල 137ක් තනා ඇත. සෛලයෙන් න්‍යෂ්ටිය ඉවත් කොට ගෙන ඒ ඩිම්බයෙහි ඇති අණ්ඩ සෛලය හා දේහ සෛල සමග රසායනාගාරය තුළ කලලයක් වර්ධනය කොට සකසා ගත් කලල 85ක් බීගල් දෙනුන් හතකගේ ගර්භාෂවල තැන්පත් කරනු ලැබීය. මායා ලෙස උපන්නේ ඒ එක් සතෙකි.ව්‍යපෘතිය සිදු කරන සින්ගොජන් ජෛවතාක්ෂණ ආයතනයේ අපේක්ෂාව මායා වැනි සතුන් නොව ඊට වඩා අවදානමක් ඇති සතුන් ආරක්ෂා කිරීම පිළිබඳව පර්යේෂණ කිරීමය. කෙසේ වෙතත් ඔවුන්ට මේ සම්බන්ධයෙන් තවත් දිගු ගමනක් යායුතුව ඇත. ඒ පිළිබඳව ජීදොන් මෙසේ කියයි: “බල්ලන් හා බළලුන් ‍ක්ලෝනකරණය කිරීම සාපේක්ෂව පහසු කටයුත්තක්. අපි මේ ක්ෂේත්‍රයේ දිගටම පර්යේෂණ සිදු කරනවා. අපේ අපේක්ෂාව වඩා අසීරු සතුන් ‍ක්ලෝනීකරණය කිරීමයි.” විද්‍යාත්මක ප්‍රජාවගේ ඇතැම් කොටස් ‍ක්ලෝන සතුන්ගේ සෞඛ්යෝය ගැන වද වෙන අතර එයින් ‍ජෛව විවිධත්වයටහානි නොවන්නේදැයි ප්ර ශ්න කරයි.

 

මායාටනම් ඇගේ මුළු ජීවිත කාලයම ගෙවන්නට සිදුවන්නේ මිනිසුන් අතර අනෙක් හීලෑ සතුන් මෙනි. එයට හේතුව ඇය සත්ව සමාජයට හුරු වී නැති නිසාය. ඩොලී බහිවෙන්නට කලින් සත්ව ක්ලෝනීකරණය කළ නොහැකි දෙයක් ලෙස සලකනු ලැබීය. දැන් එය මිහිමතින් අතුගෑවී ගිය සතුන් නැවත මතු කර ගැනීමේ ක්රලමවේදයක් බවට පත් වී තිබේ. පසුගිය මාර්තුවේ දී සාන්ත කෲස්හිකැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් ඩෝඩෝ නම් වඳවී ගිය කුරුල්ලාගේ සම්පූර්ණ ජිනෝමිය සොයා ගත් බව ප්‍රකාශ කළහ. අඩි තුනක් උස පියෑඹිය නො හැකි මේ කුරුල්ලා 17 වන සියවසේ දී වඳවී ගොස් ඇත්තේ ඊට අවුරුදු 100කට පෙර මොරිෂස් දූපත්වල දී සොයා ගත් පසුවය. ඒ මාසේ දී ම ඕස්ට්රේසලියාවේ මෙල්බර්න් විශ්ව විද්‍යා ලයේ පර්යේෂක පිරිසක් තස්මේනියානු කොටියා ලෙසින් හැඳින්වුණු තයිලසීන් නම් මාසුපියල් බිළාල විශේෂ නැවත මතු කර ගැනීමට අපේක්ෂා කරන බව ප්රනකාශ කළහ. “ඔවුන් විසින් තයිලසීන් ජිනෝමිය සොයා ගෙන ඇති බවත්දැනටමත් ඔවුන් ඒ සඳහා තයිලසීන් පිළිබඳ පර්යේෂණ රසායනාගාරයක් ද පිහිටුවා ගෙන ඇති බවත්“ එහි ප්‍රධානී ඇන්ඩෲ පාස්ක් කියයි. තම රසායනාගාරයේ තැනෙන කලලය තස්මේනියානු කොටියකුගේ හෝ ඩූනාට් නමින් හැඳින්වෙන මාසුපියල් මීවිශේෂයට අයත් සතකුගේ ගර්භාෂයේ තැන්පත් කිරීමට ඔවුන් බලාපොරොත්තු වන බවත් ඔහු වැඩිදුරටත් පැහැදිලි කළේය.                                                                                               

ප්‍රථම ක්ලෝන ආක්ටික් වෘකයා චීනයෙන් එයි. මායා යනුවෙන් නම් කර ඇති මේ ‍ක්ලෝන වෘකයා බිහිකර ඇත්තේ ඒ වර්ගයේ සතකුගේ සෛලයක් ආශ්‍රයෙන් පර්යේෂණාගාරයක තැනූ කලලයක් සුනඛ ධේනුවක‍ගේ ගර්භාෂයේ තැන්පත් කිරීමෙනි. මේ සඳහා තෝරා ගෙන ඇත්තේ බීගල් වර්ගයේ සුනඛ ධේනුවකි. පාද කොට මේ සුනඛ වර්ගය සුරතලයට සුනඛයන් ඇති කරන්නන් අතර ඉතා ජනප්‍රියය. මේ හාස්කම කර ඇත්තේ චීනයේ බෙයිජිං නගරයේ පිහිටි ජාන පර්යේෂණ සමාගමක් විසිනි. ක්ලෝනයක් යනු සතකුගේ සර්වසම පිටපතකි. ඒ සතාගේ සෛලයකින් තැනෙන මේ නව සත්වයා හැම අතින් ම මුල් සත්වයාට සමානය. ලොව ප්‍රථම වරට ක්ලෝනකරණය කෘතීමව මුලින්ම ක්ෂීරපායී සතකු වෙනුවෙන් සිදු කරනු ලැබුවේ 1966 දී ස්කොට්ලන්තයේ සත්ව ව්ද්යාවඥයකු වූ ස්ටීන් විලාඩ්සන් විසිනි. ඒ අවස්ථාවේ දී තැනූ ක්ලෝන බැටළුවා හඳුන්වනු ලැබුවේ ‘ඩොලී’ කියාය. ඒ සතා වසර හයකට පසුව පිළිකාවක් නිසා මිය ගියේය. පසුගියදා මෙසේ සාර්ථක ක්ලෝනකරණයක් කළේ චීනයේ සින්ගොජන් ජෛවතාක්ෂණ සමාගම විසිනි. ඔවුන් මේ ක්ලෝන වෘක පැටවා බිහි කළේ පසුගිය ජූනි මාසයේදීය. මෙතෙක් ඒ බව ප්‍රසිද්ධ නොකෙළේ දින 100ක් සම්පූර්ණ කොට ඌ නිරෝගීව වැඩෙන බව සාර්ථකව තහවුරු කර ගන්නා තෙක් ය. මෙවර ක්ලෝනකරණයේ දී වනගතව වෙසෙන වෘක ධේනුවකගේ සෛලයක් ලබා ගෙන එයින් රසායනාගාරය තුළ කලලයක් බිහි කොට එය බීගල් සුනඛ ධේනුවකගේ ගර්භාෂයේ තැන්පත් කරනු ලැබීය. මේ සඳහා බීගල් සුනඛ වර්ගය තෝරා ගත්තේ පුරාණ වෘකයන් සමඟඔවුන්ට ආදිමය ජාන සම්බන්ධතාවක් ඇති නිසාය. සුනඛයන් පරිණාමය වන්නට ඇත්තේ ආදිමය වෘකයන්ගෙන්ය යන්න සත්ව විද්යාතඥයන්ගේ පිළිගැනීමයි. ආක්ටික් වෘකයා වඳවී යාමේ තර්ජනයට ලක් වූ සතකු නොවූවත් ඔවුන් මේ පර්යේෂණයට අත ගැසුවේ මෙයින් ලබන අත්දැකීම් වඳ වී යාමේ තර්ජනයට ලක්වූ සත්ව විශේෂ ගලවා ගැනීමට ඔවුන්ට අනාගතයේ උපකාර වන නිසාය.

සංසේචනය යොදා නොගෙන කෘතීමව සෛලවලින් සතුන් නිපදවීම සොබාදහමට එරෙහි වීමක් නැතිනම් දෙවියන්ගේ කාර්යයකට මිනිසා අත ගැසීම සදාචාරසම්පන්න දෙයක් නොවන බවට මතයක් ක්ලෝනකරණයට එරෙහිව පවතී. ඔවුන් වනගතව වෙසෙන ආක්ටික් වෘකයකු මේ සඳහා තෝරා ගත්තේ ඒ නිසාය. මායා බිහි කිරීම ක්ලෝන තාක්ෂණයේ විශේෂ අවස්ථාවක් ලෙස සැලකේ. මායා නිර්මාණය කළේ ඩොලී සත්වයා නිර්මාණය කළ ආකාරයටමය. ඒ තාක්ෂණය හැඳින්වෙන්නේ දේහ සෛල න්‍යෂ්ටි පිටපත්කරණය කියාය. සින්ගොජන් ජෛවතාක්ෂණ ආයතනයේ ප්‍රධාන කළමනාකරු මී ජීදොන් ඒ පිළිබඳව පවසන්නේ, මෙසේය: “අපි මේ පර්යේෂණය ආරම්භ කළේ හාබින් පෝලර්ලන්ඩ් උද්යානනය සමඟ එකතුව 2020 දියි. වසර දෙකක් තිස්සේ දැඩි වෙහෙසක් ගෙන මේ පර්යේෂණ කටයුතු කළා. සාර්ථකව ආක්ටික් වෘකයකුගේ ක්ලෝනයක් තනන්නට අපට හැකි වුණා. මෙවැන්නක් ලෝකයේ කළ පළමු වන අවස්ථාව මෙයයි.” ඔවුන්ට සහය ලබා ගත්හාබින් පෝලර්ලන්ඩ් යනු ධ්‍රැවාශ්‍රිතව පිහිටුවා ඇති ප්‍රථම වනෝද්‍යනය වෙයි. මේ පර්යේෂණයේ දී ඔවුන් විසින් නව කලල 137ක් තනා ඇත. සෛලයෙන් න්‍යෂ්ටිය ඉවත් කොට ගෙන ඒ ඩිම්බයෙහි ඇති අණ්ඩ සෛලය හා දේහ සෛල සමග රසායනාගාරය තුළ කලලයක් වර්ධනය කොට සකසා ගත් කලල 85ක් බීගල් දෙනුන් හතකගේ ගර්භාෂවල තැන්පත් කරනු ලැබීය. මායා ලෙස උපන්නේ ඒ එක් සතෙකි.ව්‍යපෘතිය සිදු කරන සින්ගොජන් ජෛවතාක්ෂණ ආයතනයේ අපේක්ෂාව මායා වැනි සතුන් නොව ඊට වඩා අවදානමක් ඇති සතුන් ආරක්ෂා කිරීම පිළිබඳව පර්යේෂණ කිරීමය. කෙසේ වෙතත් ඔවුන්ට මේ සම්බන්ධයෙන් තවත් දිගු ගමනක් යායුතුව ඇත. ඒ පිළිබඳව ජීදොන් මෙසේ කියයි: “බල්ලන් හා බළලුන් ‍ක්ලෝනකරණය කිරීම සාපේක්ෂව පහසු කටයුත්තක්. අපි මේ ක්ෂේත්‍රයේ දිගටම පර්යේෂණ සිදු කරනවා. අපේ අපේක්ෂාව වඩා අසීරු සතුන් ‍ක්ලෝනීකරණය කිරීමයි.” විද්‍යාත්මක ප්‍රජාවගේ ඇතැම් කොටස් ‍ක්ලෝන සතුන්ගේ සෞඛ්යෝය ගැන වද වෙන අතර එයින් ‍ජෛව විවිධත්වයටහානි නොවන්නේදැයි ප්ර ශ්න කරයි.

මායාටනම් ඇගේ මුළු ජීවිත කාලයම ගෙවන්නට සිදුවන්නේ මිනිසුන් අතර අනෙක් හීලෑ සතුන් මෙනි. එයට හේතුව ඇය සත්ව සමාජයට හුරු වී නැති නිසාය. ඩොලී බහිවෙන්නට කලින් සත්ව ක්ලෝනීකරණය කළ නොහැකි දෙයක් ලෙස සලකනු ලැබීය. දැන් එය මිහිමතින් අතුගෑවී ගිය සතුන් නැවත මතු කර ගැනීමේ ක්රලමවේදයක් බවට පත් වී තිබේ. පසුගිය මාර්තුවේ දී සාන්ත කෲස්හිකැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් ඩෝඩෝ නම් වඳවී ගිය කුරුල්ලාගේ සම්පූර්ණ ජිනෝමිය සොයා ගත් බව ප්‍රකාශ කළහ. අඩි තුනක් උස පියෑඹිය නො හැකි මේ කුරුල්ලා 17 වන සියවසේ දී වඳවී ගොස් ඇත්තේ ඊට අවුරුදු 100කට පෙර මොරිෂස් දූපත්වල දී සොයා ගත් පසුවය. ඒ මාසේ දී ම ඕස්ට්රේසලියාවේ මෙල්බර්න් විශ්ව විද්‍යා ලයේ පර්යේෂක පිරිසක් තස්මේනියානු කොටියා ලෙසින් හැඳින්වුණු තයිලසීන් නම් මාසුපියල් බිළාල විශේෂ නැවත මතු කර ගැනීමට අපේක්ෂා කරන බව ප්රනකාශ කළහ. “ඔවුන් විසින් තයිලසීන් ජිනෝමිය සොයා ගෙන ඇති බවත්දැනටමත් ඔවුන් ඒ සඳහා තයිලසීන් පිළිබඳ පර්යේෂණ රසායනාගාරයක් ද පිහිටුවා ගෙන ඇති බවත්“ එහි ප්‍රධානී ඇන්ඩෲ පාස්ක් කියයි. තම රසායනාගාරයේ තැනෙන කලලය තස්මේනියානු කොටියකුගේ හෝ ඩූනාට් නමින් හැඳින්වෙන මාසුපියල් මීවිශේෂයට අයත් සතකුගේ ගර්භාෂයේ තැන්පත් කිරීමට ඔවුන් බලාපොරොත්තු වන බවත් ඔහු වැඩිදුරටත් පැහැදිලි කළේය.

ලුසිත ජයමාන්න

දින පොත