මිහින්තලේ කණ්ටක චෛත්‍යයේ වාහල්කඩ

2021 අගෝස්තු මස 04 ප.ව. 06:41 - {{hitsCtrl.values.hits}}  

චෛත්‍ය සතර පැත්තේ චෛත්‍යයට පිටුපා ගොඩනගන තොරණක් බඳු අලංකාර කැටයම් සම්භාරයකින් යුත් උසස් කලා කෘතියක් ලෙස වාහල්කඩ හැඳින්විය හැකිය. දැනට දක්නට ලැබෙන කලාත්මක අගයෙන් උසස්ම වාහල්කඩ කැටයම් හමු වන්නේ මිහින්තලේ කණ්ටක චෛත්‍යයෙනි.
අගනා කලා කෘතියක්
මිහින්තලේ දාගැබේ දැකිය හැකි වඩාත් වැදගත්ම කලා නිර්මාණය වන්නේ මෙම වාහල්කඩ සතරයි. කලක් තිස්සේ නිදන් හොරැන්ගේ ග්‍රහණයට ලක් වී තිබූ මෙම පූජා භූමියට ඔවුන් විසින් සිදු කර තිබූ විනාශය ගණිය නොහැකි තරම්ය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මැදිහත් වීමෙන් ඒවා පිළිසකර නොකරන්නට අනාගත පරපුරට නැරඹීමට මෙම අගනා කලා කෘති ඉතිරි ‍නොවන්නට ඉඩ තිබිණි. ප්‍රතිසංස්කරණයේදී පෙර තිබූ ආකාරයටම ඒ සෑම ගලක්ම පිටු පස ගල් බැම්මට සවි වන ආකාරයට සවි කර ඇත. 
බොරදම් තීරැ
සිදු වූ ප්‍රතිසංස්කරණ නිසා කණ්ටක චෛත්‍යයේ වාහල්කඩ ආරක්ෂා වී පවතී. ඒ අතරිනුත් වඩාත් හොඳින් ආරක්ෂා වී තිබෙන්නේ නැගෙනහිර වාහල්කඩයි. උතුරැ වාහල්කඩෙහි ගල් බැම්ම හා ඊට උඩින් වූ ගඩොල්වැට ගලින් ගල ගැලවී යන තරමට දිරාපත් වී තිබුණි. සිදු කරන ලද ප්‍රතිසංස්කරණ වලදී මෙම තත්ත්වය මඟ හරවා ගෙන ඇත. මෙම  වාහල්කඩ  තනා ඇත්තේ ගඩොලිනි. පහළ කොටසේ මුහුණතට හුණු ගල් අල්ලා ඇත. වාහල්කඩ සතරම එක හා සමාන සැලැස්මකට අනුව නිර්මාණය කර තිබේ. දිරියට නෙරා ආ බොරදම් තීරැ වල ඇත් හිස් හා මකර හිස් කැටයම් කර ඇත. වාහල්කඩ මුදුනේ කුඩා විමාන තුනකි. ඉන් මධ්‍යයේ ඇති විමානය තරමක් විශාලය. 
සිත් ඇදගන්නා වාමන රෑප
වාහල්කඩ සතර විචිත්‍ර කැටයමින් යුක්තය. බිත්ති හිසෙහි ඉහළම පිහිටි ලී ස්තරයට යටින් ඇත්තේ වාමන රෑ පෙළකි. මෙම වාමන රෑ බොහෝ සිත් ඇදගනී. ඇතැම් වාමනයෝ සංගීත භාණ්ඩ වාදනය කරති. තවත් අයෙකු නාගයකු සමඟ ක්‍රීඩා කරයි. තවකෙක් උඩුයටිකුරැ වී සිටී. අශ්ව හිසක්, වල් ඌරැ හිසක් හා වානර හිසක් සහිත වාමනයින්ද මේ අතර වෙයි. එක් දළයක් පමණක් ඇති ඇත් හිසක් සහිත වාමන රැව මෙදිහී කැපී පෙනෙයි. නොයෙක් දේ අතින් ගත් වාමනයින් කිහිපදෙනෙක් ඔහු දෙපස සිටිති. සහචරයන් අත ඇති වස්තූන් නිසා මෙය ගණ දෙවි රැවක් විය හැකි බවටද අනුමාන කරයි. වාමන රෑ පේළියට යටින් ඇත්තේ හංස රෑප පෙළකි. 
කුලුනු කැටයම්
වාහල්කඩ දෙපස ගල් කණු දෙක බැගින් කණු සතරක් ඇත. ගල් කණු වල ඉදිරිමුහුණත හා එක්පසක මුහුණත අගනා කැටයමින් යුක්තය. කල්ප ලතා, වෘක්ෂ ලතා, සත්ව රෑප හා මල් ලියකම් යෙදූ කැටයම් මේ අතර වෙයි. මේවා අල්ප උන්නත ශිල්ප ක්‍රමයට අනුව නිමවා ඇත. සතර දිසාවේ කුලුනු මත ඇත්, අස්, ගව හා සිංහ රෑ නෙළා ඇත. නැගෙනහිර දිසාවේ ඇති කුලුනු මත ඇත්තේ ඇත් රැවකි. දකුණු කුලුනේ ගව රැවකි. උතුරේ සිංහ රැවකි. බටහිර කුලුනේ අශ්ව රැවකි. මෙම සතුන් සතර දිශාව නිරෑපණය කරන බව සෙනරත් පරණවිතාන මහතාගේ මතයයි. මෙම කැටයම් විවිධ වර්ණයෙන් අලංකාර කර තිබූ බවට ඉතිරිව ඇති වර්ණ කොටස් සාක්ෂි දරයි.

දින පොත