ලොව වටා නත්තල් සැමරුම් සම්ප්‍රදායන්
- 2025-12-24 13:07:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
එක්සත් ජනපදයේ නත්තල යනු සාමාන්‍යයෙන් කුකීස් පිළියෙළ කිරීම, ගසක් අලංකාර කිරීම සහ නත්තල් සීයා එනතුරු බලා සිටීම වුවද ලොව පුරා නත්තල් සම්ප්‍රදායන් ඒ ඒ රටවලට ආවේණික වන අවස්ථාද දක්නට ලැබේ. මේ එවැනි නත්තල් සැමරුම් සම්ප්‍රදායන් කිහිපයකි.
අයිස්ලන්තයේ "යූල් ලෑඩ්ස්"ගේ පැමිණීම

නත්තල නිමිත් කරගෙන අයිස්ලන්තයේ ළමයි "යූල් ලෑඩ්ස්" (Yule Lads) නම් වාමනයන් 13 දෙනෙකුගේ පැමිණීම බලාපොරොත්තුවෙන් කල් ගෙවති. නත්තලට දින 13කට පෙර සිට සෑම රාත්‍රියකම එක් ලෑඩ් කෙනෙකු බැගින් පැමිණේ. හොඳ ළමයින්ට කුඩා සෙල්ලම් බඩුවක් හෝ රස කැවිලි ලැබෙන අතර දඟකාර අයට අමු අල ගෙඩියක් ලැබේ.
මෙම දඟකාර ලෑඩ්ස්ලාට ඔවුන්ගේ උපක්රමවලට ගැළපෙන විහිළු නම් යොදා ඇත. "ස්පූන්-ලිකර්" නමැතිහැඳි ලෙවකමින් පිරිසිදු කරන අයෙකි. "පොට්-ස්ක්‍රැපර්" භාජනවලින් ආහාර සොරකම් කරයි. වඩාත්ම ජනප්‍රිය ලෑඩ් වන්නේ නත්තල් දිනට පැමිණෙන "කැන්ඩල් ස්ටීලර්" ය. ඔහු ඉටිපන්දම් 'සොරකම්' කරනවා යැයි පෙනුණද ඒ වෙනුවට වටිනා තෑගි තබා යයි.
යුක්රේනයට වාසනාව ගෙනෙන මකුළු දැල්
යුක්රේනයේ නත්තල් ගස මත මකුළු දැල් ආභරණයක් සොයා ගැනීමට හැකිවිම වාසනාවක් යැයි සැලකේ. මෙම සම්ප්රදාය හා බැඳුණු පුරාවෘත්තයක් තිබේ.එම පුවත නම් නත්තල් ගසක් තිබුණද එය අලංකාර කිරීමට නොහැකි තරම් දුප්පත් පවුලක් ගැනය. එක්තරා නත්තල් දවසක උදෑසන ඔවුන් අවදි වන විට කරුණාවන්ත මකුළුවෙකු තම මකුළු දැල්වලින් නත්තල් ගසම ආවරණය කර ඇති බව ඔවුනට දැකගත හැකි විය. හිරු එළිය මකුළු දැල් මතට වැටුණු විට එම මකුළු දැල් මායාමය රිදී සහ රන් බවට පත් විය. වර්තමානයේදී යුක්රේනයේ බොහෝ පවුල් ඉදිරි වසර සඳහා වාසනාව හා සමෘද්ධිය ගෙන ඒම සඳහා ඔවුන්ගේ නත්තල් ගස්වල මකුළු දැල් හැඩැති ආභරණ එල්ලා තබයි.
ජපානයේ නත්තල් සැමරුම

ජපානයේ නත්තල ජාතික නිවාඩු දිනයක් නොවේ. එය නත්තල සැමරීමට බාධාවක් නොවේ. බොහෝ විට ඔවුන් කුකුල් මස් අනුභව කරමින් නත්තල සමරයි. මෙම සම්ප්රදාය 1974 දී ආරම්භ කළ වෙළඳ ප්‍රචාරණ ව්‍යාපාරයක ප්රතිඵලයකි. වර්තමානය මෙය කෙතරම් ජනප්‍රියද යත් නත්තල් දිනට අදාළ කුකුළු මස් සහිත තම ආහාර වේල ලබා ගැනීම සඳහා මාස කිහිපයකට පෙර සිටම ඇණවුම් කරයි. එදිනට එම අලෙවිසැල් ඉදිරිපිට දිගු පෝලිම් දැකගත හැකිය.
පිලිපීනයේ දැවැන්ත පහන් කූඩු උලෙළ
පිලිපීනයේ සැන් ෆර්නැන්ඩෝ නගරයේ පැවැත්වෙන දැවැන්ත පහන් කූඩු උත්සවය (Giant Lantern Festival) සමගින් දෙසැම්බර් නිවාඩු සමය උත්සව සිරියෙන් බබළවයි. සෑම දෙසැම්බර් මාසයකම අඩි 20ක් (මීටර් 6ක්) තරම් උසැති විශාල, වර්ණවත් පහන් කූඩු මනරම් ආලෝකයෙන් සහ රටාවලින් වීදි පුරවයි.
පිලිපීන වැසියන් සහ අමුත්තන් පහන් කූඩු දිදුලන ආකාරය නැරඹීමට, සංගීතයට සවන් දීමට සහ නත්තල සැමරීමට එක්රැස් වෙයි. නත්තල් දිනට මෙම උත්සවය නගරය දිදුලන සුරංගනා ලෝකයක් බවට පත් කරයි.

මෙක්සිකෝවේ ලාස් පොසාදාස්
මෙක්සිකෝවේ දෙසැම්බර් 16 සිට 24 දක්වා දින නවයක් පුරා පැවැත්වෙන 'ලාස් පොසාදාස්' (Las Posadas) උත්සවය ඉතා විචිත්‍රවත් ආගමික සම්ප්රදායකි. මෙයින් සංකේතවත් කරන්නේ මරියා සහ ජෝසප් දෙපළ ජේසු බිළිඳාගේ උපතට පෙර නවාතැනක් සොයා ගිය ගමනයි. මෙහිදී කුඩා දරුවන් සහ වැඩිහිටියන් ඉටිපන්දම් අතැතිව පෙරහැරකින් ගෙයින් ගෙට යමින් ගීතිකා ගායනා කරමින් නවාතැන් ඉල්ලා සිටියි. අවසානයේ තෝරාගත් නිවසකදී සියලු දෙනා එක්ව විශාල සාදයක් පවත්වයි.
එහිදී රසකැවිලි පිරවූ 'පිනාටා' විවෘත කිරීම දරුවන් අතර ඉතා ජනප්‍රිය අංගයකි. පිනාටා සාමාන්‍යයෙන් නිර්මාණය කර ඇත්තේ බෙත්ලෙහෙමේ තාරකාවේ ස්වරූපයෙනි. බයිබලානුකූල සම්ප්රදායේ සඳහන් පරිදි ප්‍රඥාවන්තයින් තිදෙනාට අලුත උපන් ජේසුස් වහන්සේ වෙත යාමට මඟ පෙන්වූයේ තාරකාවකි.
ස්වීඩනයේ සාන්ත ලුසියා උත්සවය
ස්වීඩනයේ සෑම වසරකම දෙසැම්බර් 13 වැනි දින සාන්ත ලුසියා උත්සවය සමරනු ලබන්නේ ශීත කාලයේ පවතින දැඩි අඳුර පරදා ආලෝකය රැගෙන ඒම සංකේතවත් කරමිනි. මෙහි ප්‍රධාන අංගය වන්නේ සුදු පැහැති දිගු ඇඳුමකින් සැරසුණු ගැහැනු ළමයෙකු 'ලුසියා' ලෙස පෙනී සිටිමින් හිස මත සැබෑ ඉටිපන්දම් සහිත ඔටුන්නක් පැලඳ පෙරහැරේ ගමන් කිරීමයි.

ඇය පිටුපසින් තවත් ගැහැනු ළමයින් සහ පිරිමි ළමයින් ගීතිකා ගයමින් ගමන් කරන අතර ඔවුන් එදිනට විශේෂිත වූ කුළුබඩු මිශ්‍ර බනිස් වර්ගයක් වන 'Lussekatter' සහ කෝපි අමුත්තන්ට පිළිගන්වයි.
ජනේෂා රත්නමලල
Reply To:
Name - Reply Comment
0 Comments