ඇමසන් වනය දැවි දැවි ගිනිගනී
- 2019-08-22 16:18:13
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ලොව විශාලතම වැසි වනාන්තරය වන, බ්‍රසීලයේ පිහිටි ඇමසන් වැසි වනාන්තරයෙහි වාර්තාගත ආකාරයෙන් 2019 වසරේදී ගිනිගැනීම් ඉහළයමින් පවතින බව නාසා ආයතනයේ දත්ත වාර්තා පෙන්වා දෙයි.
ඇමසන් වනාන්තරයේ මෙම ගිනිගැනීම් සති තුනක පමණ කාලයක් තිස්සේ, එනම් 19 වන දිනටත් තවදුරටත් ගිනි ගනිමින් පවතී. චන්ද්‍රිකා දත්ත අනුව ගිනිගැනීම් 84%ක් වර්ධනය වී ඇති බව එරට ජාතික අභ්‍යවකාශ අධ්‍යයනය ආයතනය පැවසුවේය.
ගොවීන් භූමිය එළිපෙහෙලි කිරීමේදී බ්‍රසීලයේ ජනාධිපති ජායිර් බොල්සොනාරො මහතා ඒ සඳහා ගොවියන්ව උනන්දු කර ඇති බවද, ඇමසන් වනය ගිනිගනිද්දී තමා නීරෝ බවට පත්ව ඇති බව ප්‍රකාශ කර ඇති බවද පැවසේ. ඔහු වන විනාශය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින, එම කාර්යංශයේ ප්‍රධානියාව ඉවත්කර ඇති බවද, එම කාර්යාංශය තමා යටතට ගත් දින පටන් වැසි වනාන්තරය බහුලව විනාශවීමේ තොරතුරු වාර්තා වී ඇති බවද, පවසමින් වන සංරක්ෂණ නිලධාරීන් ජනපතිට දොස් පවරා තිබිණි.
2013 සිට මේ දක්වා වූ ගිනිගැනීම් වලින් ඉහළම අගය වාර්තාවන්නේ, ජනවාරි මාසයේ සිට අගෝස්තු දක්වා කාලය තුළ වූ ගිනිගැනීම් 74,000ක් සම්බන්ධයෙන් බවත්, ඇමසන් වන ප්‍රදේශය ආශ්‍රිතව වනාන්තරවල ගිනිතැබීම් 9,500ක් පසුගිය බ්‍රහස්පතින්දා සිට වාර්තා වී ඇති බවත් ගණන් බලා ඇත. 2018 වසරේදී මෙම කාලයේදී ම ගිනිතැබීම් 40,000ක් පමණ වාර්තා වී තිබිණි. 2016දී එය 68,000ක් පමණ විය.
චන්ද්‍රිකා ඡායාරූප අනුව, බ්‍රසීලයේ උතුරු ප්‍රදේශයේ රෝරයිමා රාජ්‍යය විශාල කළු දුමාරයකින් වැසී ගොස් ඇති අයුරුද, ඒ සමීපයේ ඇති ඇමසන් වනය ගිනිගැනීමේ හදිසි තත්ත්වයක් දක්වා ඇති බවද පෙන්නුම් කර ඇත.
ඇමසන් වනාන්නතරය ගිනිගැනීමෙන් නැගුණු දුමාරය සාඕ පාවුලෝ නගරයේ කිලෝමීටර 2,700ක පමණ දුරකට විහිදී තිබිණි. නමුත් ඇතැම් කාලගුණ විද්‍යාඥයින් පවසා සිටියේ ඇමේසන් වනාන්තරයේ පැවතියේ, පාවුලෝ නගරයට සමීපව පිහිටි පැරගුවේ නගරයේ ඇති වූ ගිනිගැනීම් කිහිපයකින් පැන නැගුණු දුමාරය බවයි.
(බීබීසී ඇසුරිනි)
ඩිල්ෂානි චතුරිකා දාබරේ
Reply To:
Name - Reply Comment
0 Comments