Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ඔස්ට්‍රේලියාවේ කැන්බෙරා නගරවාසීන් වෙත ඩ්‍රෝන තාක්ෂණය හරහා කුඩා ප්‍රමාණයේ භාණ්ඩ සහ ආහාර ප්‍රවාහනය කිරීමේ සේවයක් ඇරඹීමේ අවස්ථාව ගූගල් සමාගමට සම්බන්ධ සමාගමක් වෙත ලබා දීමට අනුමැතිය ලැබී තිබේ. වින්ග් ලෙස හැඳින්වෙන මෙම සමාගම ගූගල් සමාගමට අනුබද්ධ ඇල්ෆබට් සමාගමට අයත් සමාගමකි. ඒ අනුව මෙවැනි සේවාවක් ක්‍රියාත්මක වන ලොව පළමු රටක් බවටද ඔස්ට්‍රේලියාව පවත්වෙයි.

මෙහිදී තමන් එම සමාගම වෙත පූර්ණ කාලීනව අදාළ සේවා ලබාදීම වෙනුවෙන් අනුමැතිය දුන් බව ඔස්ට්‍රේලියානු සිවිල් ගුවන් සේවා ආරක්ෂාව පිළිබඳ පාලනාධිකාරිය පවසා සිටියි. ඊට පෙර ඔවුන් මාස 18ක කාලයක් අත්හදා බැලීමේ කාලසීමාවකදී කැන්බෙරා වැසියන් වෙත සේවාව ලබා දී තිබේ. එය සමත්වීමෙන් අනතුරුව %වින්ග්^ සමාගමට අදාළ අවස්ථාව උදා වී ඇත. ඇප් වැඩසටහනක් හරහා අදාළ ඇනවුම් සිදු කිරිමට හැකිය.

සමාගමට අනුව මෙහිදී ආහාර සහ පාන වර්ග, ඖෂධ වර්ග මෙන්ම දේශීයව නිපදවුණු කෝපී වර්ග සහ චොකලට් වර්ගද ප්‍රවාහනය කිරීමට නියමිතව තිබේ. දැනටමත් සමාගම 3000 කට අධික භාණ්ඩ ප්‍රවාහනය කිරීම් ප්‍රමාණයක් සිදු කර තිබේ. මෙහිදී අදාළ ඩ්‍රෝන යානා වෙත දවසේ දිවා කාලයේ පැය 11 ත් 12ත් අතර කාලයක් පමණක් පියාසර කිරීමට අවස්ථාව හිමිවෙයි. එසේම එම යානා සියල්ලම ගොඩබිමේ සිට පාලනය කළ යුතුව ඇති අතර කිසිවක් පූර්ණ ස්වයංක්‍රීය තත්ත්වයට පත් නොකළ යුතුය.

මෙම සේවාව ලබා දීම හරහා මාර්ග තදබදය ලිහිල් වන බවත්, ඒ හරහා සිදුවන පරිසර දූෂණය අවම වන බවත් %වින්ග්^ සමාගම සඳහන් කරයි.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.