Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවීමේ 70 වැනි සංවත්සරය වෙනුවෙන් අද (1) බෙයිජිංහි ටියන්අන්මෙන් චතුරශ්‍රයේ පැවති අතිඋත්කර්ෂවත් සැමරුම් උළෙල ලෝ වැසියන්ගේ අවධානය දිනා සමත් විය. චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම්, ජනාධිපති, මධ්‍යම හමුදා කමිටු සභාපති ෂීජින්පිං මහතා එම උළෙලේදී  ආකාර්ෂණිය දේශනයක් කළේය.

‘සාමකාමී එක්සත්භාවය’ සහ ‘එක් රටක් ක්‍රම දෙකක්’ යන මූලධර්ම චීනයේ එක්සත් වීම සාක්ෂාත් කර ගැනීමට නිර්මාණශීලිත්ව සංකල්පය හා මනාම ක්‍රමයයි. හොංකොං හා මැකව් යන විශේෂ පරිපාලන කලාප දෙකේ එම ක්‍රම සාර්ථකව ක්‍රියාත්මක කර ඇතැයි දක්නට ලැබේ. මේ අතර සාම සංවර්ධනයේ නියැළී සිටීම යන්න චීන කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයන් හා චීන ජනතාව වෙනුවෙන් ෂී ජින්පිං මහතා ලෝකයට සිදු කළ ස්ථිර ප්‍රතිඥාවකි.

චීන ජනතාව සමගියේ ධජය ඔසවනු ලැබුවහොත්, ඕනෑම බලවේගයකට චීනයේ ස්ථානය වෙනස් කිරීමට ද චීන ජනතාවගේ ඉදිරි ගමනට බාධා කිරීමට ද නොහැකි වනු ඇත. එය ගෙවී ගිය වසර 70වේ ඉතිහාසය ආවර්ජනය කරමින් චීන ජනතාව තරයේම විශ්වාස කරන කරුණකි.

රටේ ආරක්ෂාව-ස්වෛරීභාවය ආරක්ෂා කරන බව චීන ජනපති කියයි


චීනය අඛණ්ඩව සාමකාමී සංවර්ධන මාවතේ රැඳී සිටින බවත් එසේ වුවත් හමුදාව ස්ථීර වශයෙන්ම රටේ ආරක්ෂාව සහ ස්වෛරීභාවය ආරක්ෂා කරන බවත් චීන ජනාධිපති ෂී ජින්පින්ග් මහතා අද (1) ප්‍රකාශ කළේය. චීන කොමියුනිස්ට් පාලනයට වසර 70ක් පිරීම නිමිත්තෙන් පැවැති උත්සවය අමතමින් චීන ජනාධිපතිවරයා ඒ බව පැවැසීය. චීනයේ විශේෂිත පරිපාලන ප්‍රදේශවන හොංකොං සහ මැකාවූවල සෞභාග්‍ය සහ ස්ථාවරත්වය පවත්වාගෙන යා යුතු බව ද ජනාධිපති ෂී ජින්පින්ග් මහතා  කීවේය. ස්වයං පාලනයක් තිබෙන තායිවානය සමඟ සාමකාමී සංවර්ධනයක් සහිත සබඳතා ප්‍රවර්ධනය කළ යුතු බව ද චීන ජනාධිපතිවරයා තවදුරටත් කීය.

(රොයිටර්)

චීන කොමියුනිස්ට් පාලනයට වසර 70ක් සැපිරීම නිමිත්තෙන් විචිත්‍රවත් උත්සවයක් චීනයේ බීජිං නුවරදී පළවැනිදා පැවැත්විණි.

ටියැන්මෙන් චතුරශ්‍ර පරිශ්‍රයේ පැවැති වර්ණවත් පෙරහැරක් උත්සවයට එක්කර තිබූ අතර ඊට සිවිල් වැසියෝ 100,000කට වැඩි පිරිසක් සහභාගී වූහ. චීනය ගෝලීය සුපිරි බලවතකු ලෙස නැගී සිටීම ලොවට පෙන්වමින් මෙම විචිත්‍රවත් උත්සවයට දැවැන්ත හමුදා පෙළපාළියක් ද එක්කර තිබිණි.

චීනයේ විශිෂ්ටතම නායකයන් ලෙස සැලකෙන මාඕ සේතුං, ඩන්ග් ෂාඕපින්ග් යන අයගේ දැවැන්ත ඡායාරූප ද පෙරහැරේදී රැගෙන ලදි. ඩන්ග් ෂාඕපින්ග් යනු චීනය ලෝකයට විවෘත කරමින් එරට ආර්ථිකය ප්‍රතිසංස්කරණයකට ලක් කළ නායකායය.

පෙරහැරේදී චීනයේ වත්මන් නායකයා ෂී ජින්පින්ගේ ඡායාරූපයක් ද රැගෙන යන ලදි.

චීන ජනාධිපති ෂී ජින්පින්ග් මාඕ සේතුංගෙන් පසු තම ජනාධිපති ධුර කාලය දීර්ඝ කරගත් පළමු වැන්නාය. තම දේශපාලන දර්ශනය චීන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ද ඇතුළත් කළ චීන ජනාධිපති ෂී ජින්පින්ග් චීනයට ආර්ථික ප්‍රතිසංස්කරණ රැසක් ද හඳුන්වා දී තිබේ. ඔහු “චීනය නැවතත් විශිෂ්ටත්වයට” පත් කිරීමේ සැලසුම් රැසක් ද ක්‍රියාවට නංවා ඇත.

චීන ජනාධිපති ෂී ජින්පින්ග් වංචා දූෂණ වැළැක්වීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාවට නංවා ඇති අතර ඒ යටතේ දූෂිත නිලධාරීන් මිලියනකට වැඩි පිරිසකට දඬුවම් කර ඇත. කෙසේ නමුත් ඔහුගේ එම වැඩසටහන ප්‍රතිවාදී දේශපාලනඥයන් අතුගා දැමීමට ක්‍රියාත්මක කරන්නනක් බවට ද විවේචන එල්ල වී තිබේ.

ෂී ජින්පින්ග්ට පෙර ජනාධිපති ධුරය හෙබ වූ හූ ජින්තාවෝ සහ ජියැන්ග් සෙමි යන නායකයෝද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

තීරයක් මාවත් ව්‍යාපෘතිය (බෙල්ට් ඇන්ඞ් රෝඞ්) චීන ජනාධිතිවරයාගේ සැලැසුමකට අනුව ක්‍රියාත්මක වන අතර එහි සමස්ත ගෝලීය ආයෝජනය ඇමෙරිකානු ඩොලර් ටි්‍රලියනක් යැයි පැවසේ. එම ව්‍යාපෘතිය චීන බලපෑම ව්‍යාප්ත කිරීමට කරමින් රටවල් ණය උගුලකට හසු කරගන්නැක් යැයි ද බටහිර රටවල් චෝදනා කරයි.

චීනය දරිද්‍රතාව තුරන් කර ලෝක බලවතකු බවට වූ බවට අයුරු ලෝකයට කියා පෑමට ද මෙම විචිත්‍රවත් පෙරහැරෙන් උත්සාහ ගෙන තිබිණි.   

ඒ.එෆ්.පී. 

    

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.