ජාතික පාසල් අතර හොඳම වාර්ෂික වාර්තාව හා ගිණුම් සම්මාන ප්‍රදානෝත්සවය
- 2016-12-19 12:56:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පිළිගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති යොදාගනිමින් පාසල්වල ඵලදායිතාව ඉහළ නැංවීම සහ ඒ තුළින් පාසල් පද්ධතිය තුළ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමේ අරමුණින් අධ්‍යාපන අමාත්‍යාංශයත් AAT sri lanka ආයතනයත් එක්ව සංවිධානය කරන ලද ජාතික පාසල් අතර "හොඳම වාර්ෂික වාර්තාව හා ගිණුම්" තේරීමේ තරගාවලියේ සම්මාන ප්‍රදානෝත්සවය පසුගියදා (11) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ ශාලාවේ දී පැවැත්වුණි.
ඒ, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙනි. මෙවර මෙම තරගාවලිය සඳහා ජාතික පාසල් 238ක් ගිණුම් වාර්තා ඉදිරිපත් කර තිබුණි. හොඳම වාර්ෂික වාර්තාව ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ජාතික මට්ටමේ ප්‍රථම, දෙවන හා තෙවන ස්ථාන සඳහා පිළිවෙලින් රන්, රිදී හා ලෝකඩ සම්මාන පිරිනැමෙන අතර පළාත් මට්ටමෙන් දිස්ත්‍රික් මට්ටමෙන් ද සහතික හා කුසලතා පිරිනැමේ. මෙම තරඟයේ දිස්ත්‍රික් කුසලතා ඇගයීමේ දී සිසුන් 2000 ට වැඩි හා සිසුන් 2000 ට අඩු පාසල් ලෙස පාසල් කාණ්ඩ දෙකක් යටතේ ඇගයීමට ලක් කරන ලදී.ජාත්‍යන්තර වශයෙන් පිළිගැනෙන ගිණුම් ප්‍රමිති හා න්‍යායන් අනුව ගිණුම් වාර්තා සකස් කළ යුතු ආකාරය සම්බන්ධව පාසල් පද්ධතිය දැනුවත් කරන්නටත්, ඒ තුළින් පාසල් සංවර්ධන සමිතිවල විනිවිදභාවය, වගවීම, සහ නිරවද්‍යතාව සංවර්ධනය කරගන්නට සැබෑ පිටුබලයක් ලබාදෙන්නටත් මෙම තරගාවලිය ඉතා හොඳ අවස්ථාවක් ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙහි දී සඳහන් කළේය.
මීට අමතරව, රටේ පාසල් පද්ධතිය ශක්තිමත් කිරීම වෙනුවෙන් ඉදිරියේ දී හඳුන්වා දීමට නියමිත පාසල් මණ්ඩල සම්බන්ධව ද අමාත්‍යවරයා මෙහි දී අදහස් දැක්වූවේය.
මෙම අවස්ථාවට අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මැතිතුමා, AAT sri lanka සභාපති J.M.U.B. ජයසේකර මහතා සහ උපසභාපති මැග්ඩන් ස්මයිල් මහතා ඇතුළු පිරිසක් ආරාධිතයින් වශයෙන් එක්ව සිටියහ.
ඇන්ටන් විජේරත්න සහ අධ්‍යාපන අමාත්‍යාංශය මාධ්‍ය ඒකකය
Reply To:
Name - Reply Comment
0 Comments