ජෝර්ජ් කුමරු විලියම් කුමරුගේ අතේ එල්ලී පාසල් යයි
- 2017-09-08 01:20:31
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කේම්බ්‍රිජ් ආදිපාද බ්‍රිතාන්‍යයේ විලියම් කුමරු සහ කේම්බ්‍රිජ් ආදිපාද කේට් කුමරිය ගේ පුතණුවන් වන ජෝර්ජ කුමරු පසුගිය බ්‍රහස්පතින්දා (07දා) සිය පාසල් ගමන ආරම්භ කළේය. විලියම් කුමරුගේ අතින් අල්ලා ගෙන කුඩා ජෝර්ජ් කුමරු පාසල වෙත පිය මැන්නේ සිය මව දරුවෙකු පිළිසිඳ ගැනීමත් සමග තවමත් අසනීප තත්වයෙන් පසුවන බැවිනි. වසරකට බ්‍රිතාන්‍ය පවුම් 18,000 ක් අය කරන Thomas's Battersea කුඩා ජෝර්ජ් කුමරුගේ පාසලය. සිව් හැවිරිදි කුමරු සිය පාසල් දිවිය ආරම්භ කළේ, සිය තුන් වෙනි දරුවා අපේක්ෂාවෙන් සිටින බව කේම්බ්‍රිජ් හි ආදිපාද යුවළ නිවේදනය කිරීමෙන් දින කිහිපයකට පසුවය.
පාසලේ ප්‍රධාන ගේට්ටුව හරහා සිය රථය පදවාගෙන ගිය බ්‍රිතාන්‍ය කිරුළේ දෙවෙනි උරුමකරු වන විලියම් කුමරු, ඉන් අනතුරුව සිය පුතුගේ පොත් බෑගය ද රැගෙන ඔහුගේ අතින් අල්ලාගෙන පාසල වෙත පිය මැන්නේය.
එහිදී පාසලේ ප්‍රාථමික අංශාධිපතිනිය වන හෙලන් හස්ලෙම් (Helen Haslem) විසින් ඔවුන් දෙදෙනා පිළිගනු ලැබිණ.
ජෝර්ජ් කුමරුගේ පන්තියේ තවත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 20 දෙනෙකු සිටින අතර, එහි ජෝර්ජ් කුමරු අසුන් ගන්නේ සිය නම සඳහන් වෙනම අසුනකය. පළමු දින කිහිපය තුළ පාසලේ කටයුතු අඩ දිනකට සීමාවේ.
පාසල තුළ රජ කුමරු වෙනුවෙන් කිසිදු විශේෂ සැලකීමක් නොදැක්වෙන බව සඳහන් කළ පාසලේ විදුහල්පති බෙන් තෝමස්, අනෙක් සිසුන්ගේ අධ්‍යාපනයට බාධා නොවන අයුරින් පාසලේ කටයුතු පවත්වාගෙන යාම පිණිස කලෙක පටන් සැලසුම් සකස් කළ බව ද කියා සිටියේය.
(BBC ලෝක සේවය)
Image Copyright: : KENSINGTON PALACE- Richard ohle - PA- Gattey Image
Vedio Copyright: :- BBC News
Reply To:
Name - Reply Comment
0 Comments