Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

විජය පුවත්පත් සමාගම මඟින් පහළොස්වැනි වරටත් සංවිධානය කළ ලංකාදීප පොසොන් ආලෝක පූජාවෙන් ඓතිහාසික තන්තිරිමලේ රජමහා විහාරස්ථානය අද (27) ඒකාලෝක විය. අද (27) යෙදුණු පොසොන් පුර පසළොස්වක් පෝ දිනයට සමගාමීව ‘ලංකාදීප පොසොන් ආලෝක පූජාව’ ආරම්භ වූ අතර ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන සහ විජය පුවත්පත් සමාගමේ උප සභාපති සුජාන් විජයවර්ධන මහතා තන්තිරිමලේ පූජා භූමිය ආලෝකමත් කරමින් විදුලි බුබුළු දැල්වූහ. මෙම අවස්ථාවට විජය පුවත්පත් සමාගමේ සභාපති රංජිත් විජයවර්ධන මහතා ද සම්බන්ධ විය. 

ඓතිහාසික තන්තිරිමලේ විහාර පරිශ්‍රය විදුලි බුබුළු 40,000 කට අධික සංඛ්‍යාවක ආලෝකයෙන් දිදුලන විට සැදැහි සිතින් සිව්දෙසින් එහි පැමිණ සිටි බොදු බැතිමතුන්ගේ සාධු නාදයෙන් මුළු පෙදෙසම පිරී ඉතිරි ගියේය.

ආලෝක පූජාව ආරම්භ කිරීමට පෙරාතුව හපුතලේ පඤ්ඤාරාම හිමියන් රැස්ව සිටි පිරිස පංචශීලයේ පිහිටවූහ. ඉන් අනතුරුව උතුරු නැගෙනහිර දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක තන්තිරිමලේ රජ මහ විහාරයේ විහාරාධිපති තන්තිරිමලේ චන්දරතන නාහිමියන් විසින් අනුශාසනා දේශනයක් කරනු ලැබිණි.

විදුලි බුබුළු දැල්වීමෙන් අනතුරුව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන, විජය පුවත්පත් සමාගමේ සභාපති රංජිත් විජයවර්ධන හා උප සභාපති සුජාන් විජයවර්ධන මහත්වරුන් අතින් තන්තිරිමලේ විද්‍යාලයේ උසස් පෙළ සිසුවියන් 13 දෙනකුට ශිෂ්‍යත්ව පිරිනමනු ලැබිණි. 

ආලෝක පූජාවේ කටයුතු අවසන් වීමෙන් අනතුරුව ශබ්ද පූජාවක් ද ඉන් අනතුරුව තන්තිරිමලේ විමලඥාන ධර්ම විද්‍යාලයේ සිසුවියන්ගේ සහභාගීත්වයෙන් බැති ගී ප්‍රසංගයක් ද පැවැති අතර භක්ති ගීතවලින් තන්තිරිමලේ පුදබිම රැව් පිළිරැවි දිනි. 

පොසොන් පුර පසළොස්වක් පෝ දිනයේදී උදෑසනම දිවයිනේ නන් දෙසින් ඓතිහාසික තන්තිරිමලේ රාජමහා විහාරස්ථානයට පැමිණි දහස් සංඛ්‍යාත උවසු උවැසියෝ පෙහෙවස් සමාදන් වූහ.

ධර්ම දේශනා හා ධර්ම සාකච්ඡා රැසකින් සීල සමාදාන වැඩසටහන සමන්විත වූ අතර සන්ධ්‍යාභාගය වනවිට පැමිණෙන බැතිමතුන්ගේ පිරිස ක්‍රමයෙන් වර්ධනය වූයෙන් තන්තිරිමලේ පුදබිමට පැමිණෙන වීදිවල තරමක වාහන තදබදයක් ද දකින්නට විය. පොලිසිය හා සංවිධායකයෝ එක්ව එහිදි රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කළහ.

ලංකාදීප ආලෝක පූජාවෙන් තන්තරිමලය බැබලේ

හර්ෂණ තුෂාර සිල්වා - ඡායාරූප - ශාන්ත රත්නායක

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.