Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

තායිලන්තයේ භූ ගත ලෙන් පද්ධතියක සිරවුණු යොවුන් පා පන්දු කණ්ඩායමේ සාමාජිකයන් 12 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු සොයා ගැනීමට දිවි ගලවා ගැනීමේ මෙහෙයුම්වලට සම්බන්ධ වුණු බි‍්‍රතාන්‍ය ජාතික කිමිඳුම්කරුවෝ දෙදෙනක් පසුගිය 3 වැනිදා සමත් වූහ. ඒ, ඔවුන් ලෙන තුළ අතුරුදන් වී දින නවයකට පසුවය. අවුරුදු 13 ත් 11 ත් අතර වයස්වල දරුවන් 12 දෙනා සහ ඔවුන්ගේ 25 හැවිරිදි පුහුණුකරු ආහාර නොමැතිව දුර්වල සිටි නමුත්, ඔවුන් යහතින් පසුවන බව දිවි ගලවා ගැනීමේ කණ්ඩායම් පසුව පැවැසීය.

මොකක්ද වුණේ ?

පා පන්දු පුහුණුකරු සහ ඔවුන්ගේ 12 දෙනාගේ කණ්ඩායම ගවේෂණ චාරිකාවල නියැලීම විනෝදාංශය කරගෙන ඇත. පසුගිය ජූනි 24 වැනිදා, පිරිස තායිලන්තයේ, චියැං රායි පළාතේ වනගතව පිහිටි ත්හාම් ලූවංග් භූගත ලෙන් පද්ධතිය ගවේෂණයට ගියහ. ත්හාම් ලූවංග් ලෙන් පද්ධතිය, මෙම පා පන්දු කණ්ඩායමට හෝ පුහුණුකරුට හෝ ආගන්තුක තැනක් නොවන බවත්, මීට පෙර අවස්ථා කිහිපයකදී පිරිස ලෙන් පද්ධතිය ගවේෂණයට පැමිණ ඇති බවත් පසුව වාර්තා විය. මෙවර ගවේෂණයට ගිය අවස්ථාවේ නොසිතූවිරූ අකරතැබ්බක් සිදුවිය. ඒ, වැසි සමය ආරම්භ වී, ලෙන් පද්ධතිය ජලයෙන් පිරී, පිටවීමේ මාර්ග සියල්ල වැසී යෑමත් සමඟය.

මහා මෙහෙයුමක්

දරුවන් 12 දෙනා සහ පුහුණුකරු ලෙන තුළ යහතින් සිටිනවා යැයි අනුමාන කරමින්, තායිලන්ත රජය දිවි ගලවා ගැනීමේ දැවැන්ත මෙහෙයුමක් ඇරැුඹීය. ලෙන තුළ පිරුණු ජලය ඉවත් කිරීමට කටයුතු කළ ද නොකඩවා ඇද හැලෙන මහ වැසි හේතුවෙන් එම කටයුත්ත අසාර්ථක විය. තායිලන්ත බලධාරීන්ගේ ඉල්ලීමට වහා ප‍්‍රතිචාර දක්වමින් චීනය, මියන්මාරය, ලා ඕසය,  ඕස්ටේ‍්‍රලියාව, ඇමෙරිකාව සහ බි‍්‍රතාන්‍යය යන රටවලින් සහන සේවකයන් සහ දිවි ගලවා ගැනීමේ කටයුතුවල නියැලෙන විශේෂඥයන් දහසකට වැඩි පිරිසක් අතුරුදන් කණ්ඩායම සෙවිමේ මෙහෙයුම්වලට සම්බන්ධ විය. දරුවන්ගේ දෙමාපියෝ ලෙන් පද්ධතියේ ප‍්‍රධාන පිවිසුම අසල රැුඳී සිටිමින් දෙවියන් යදින්න වූහ. තායිලන්තය බෞද්ධ රාජ්‍යයකි. දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මහා සංඝරත්නයේ මැදිහත් වීමෙන් පින්කම් රැුසක් ද පැවැත්විණි.

ඇසට කඳුළක්

දරුවන් පිරිස සහ පුහුණුකරු සොයා ගැනීමට සමත් වූයේ දිවි ගලවා ගැනීමේ මෙහෙයුමට සම්බන්ධ වී සිටින බි‍්‍රතාන්‍ය ජාතික කිමිඳුම්කරුවන් දෙදෙනකි. ඔවුන් විදුලි පහන් ආලෝකයෙන් පිහිනා එනවිට, ජලයෙන් යට නොවුණු කුහරයක කොටු වී සිටින දරුවන්ට එය දකින්න ලැබී ඇත. දරුවන් කණ්ඩායම හමුවුණු අයුරු කිමිඳුම්කරුවන් දෙදෙනා විසින් රූගත කරනු ලැබ ඇති අතර, එම දසුන් පසුව, තායිලන්ත නාවික හමුදාවේ සීල් බළඇණිය විසින් මාධ්‍ය වෙත නිකුත් කළේය. විදෙස් පුවත් සේවා ඔස්සේ ප‍්‍රසිද්ධියට පත් වූයේ් එම දසුන්ය. එම දසුන් ලොව කාගේත් නෙතට කඳුළක් එක් කළ හැඟීම්බර දසුන් පෙළක් බවට පත්වී අවසන්ය. ‘ඔයාලා මොන රටේ අයද?’ යනුවෙන් දරුවන් කිමිඳුම්කරුවන්ගෙන් විමසන අතර, ‘අපි ආවේ බි‍්‍රතාන්‍යයෙන්’ යැයි කිමිඳුම්කරුවෝ දෙදෙනා පිළිතුරු දෙති. පිරිස යහතින් සිටිනවාදැයි විමසද්දී, දරුවන් පිළිතුරු දෙන්නේ, ඔවුන් යහතින් සිටින බවත් ඔවුන් සිටින්නේ දැඩි කුසගින්නේ බවත්ය. අපට කොතරම් දවසක් මෙතැන ඉන්න වේවිදැයි දරුවන් විමසීමක් කරන අයුරු වීඩියෝ එම දසුන් පෙළෙහි දකින්න ලැබේ. ‘ඔයාලා සොයන්නත් ඔයාලා බේරාගන්නත් බොහෝ දෙනෙක් ඇවිල්ලා ඉන්නවා. අපි ඉක්මණින් ඔයාලා බේරා ගන්නවා. හැබැයි ටික දවසක් ඔයාලට මෙතැන ඉන්න වේවි. කෑම බීම අපි දෙනවා. වෛද්‍ය කණ්ඩාමක් සමඟ තවත් කිමිඳුම්කරුවන් එනවා ඔයාලා බලන්න’ යැයි කිමිඳුම්කරුවෝ පැවැසූහ.

මාසයක් බලන් ඉන්න වේවි

[caption id="attachment_25608" align="alignleft" width="750"][caption id="attachment_25608" align="alignleft" width="750"]Narongsak Osottanakorn, governor of Chiang Rai province, addresses journalists near Tham Luang cave complex, as members of an under-16 soccer team and their coach have been found alive according to a local media report, in the northern province of Chiang Rai, Thailand, July 3, 2018. REUTERS/Soe Zeya Tun[/caption]Narongsak Osottanakorn, governor of Chiang Rai province, addresses journalists near Tham Luang cave complex, as members of an under-16 soccer team and their coach have been found alive according to a local media report, in the northern province of Chiang Rai, Thailand, July 3, 2018. REUTERS/Soe Zeya Tun[/caption]

13 දෙනා මේ වනවිට ජලයෙන් යට නොවුණු කුහරයක් තුළය. කිමිඳුම්කරුවන් දෙදෙනා රිචඞ් විලියම් ස්ටැන්ටන් සහ ජෝන් වොල්ටෑන්දන්, අතුරුදන් වුණු පිරිස සොයමින් මෙම ස්ථානයට පිහිනා ගියේ ද මහත් ආයාසයකිනි. දරුවන් කණ්ඩායම ජලය යටින් ඉහළට ගෙන යෑම අසීරු කටයුත්තක් වී ඇත ලෙන තුළ පිරී ඇති ජලය ඉවත් නිරීම දිගටම සිදුවෙමින් පවතින නමුත් එය ද සාර්ථක වී නැති බව තායිලන්ත රජය කියයි. සිරවී සිටින පිරිසට අවශ්‍ය ආහාර, පානීය ජලය, විදුලි පහන්, ඖෂධ ආදිය ඊයේ දිනයේ කිමිඳුම්කරුවන්ගේ මාර්ගයෙන් ලබා දීම සිදුවිය. දරුවන්ට සහ පුහුණුකරුට අවශ්‍ය දේ රැුගෙන කිමිඳුම්කරුවන් කණ්ඩායම සමඟ වෛද්‍යවරුන් කණ්ඩායමක් ද ගෙන ගැඹුරට ගොස්, දරුවන්ගේත් පුහුණුකරුගේත් සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් සොයා බැලීමක් කළ බව ද වාර්තා විය. ලෙන තුළ පිරුණු ජලය ස්වභාවිකව පහළ යනු ඇත්තේ තව මාසයක පමණ කාලයකිනි. ඒ, වැසි සමය අවසන් වීමෙන් සති කිහිපයක් ගතවෙද්දීය. කිමිඳුම් කට්ටල යොදා ගනිමින් දරුවන් පිටතට ගැනීමට නොහැකි වුවහොත්, ජලය බැස යනතුරු මාසයක් බලා සිටීමට සිදුවනු ඇතැයි පැවැසෙයි.

ලූසිත ජයමාන්න

ඒ.එෆ්.පී. ඇසුරිනි

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.