දැදිගම ප්‍රථමික විද්‍යාලයේ ‘නැණ අස්වැන්න 2017‘ සාහිත්‍ය උළෙල
- 2017-11-19 04:04:49
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දැදිගම ප්‍රාථමික විද්‍යාලයේ වාර්ෂික සාහිත්‍ය උළෙල ‘නැණ අස්වැන්න 2017‘ නමින් පසුගියදා විද්‍යාලයේ දී පැවැත්විණි. ජ්‍යෙෂ්ඨ අධ්‍යාපනඥ කලාභුෂණ ආචාර්ය බන්දුල පී දයාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්, මාධ්‍ය අධ්‍යාපන උපදේශක ඉන්දික සෙනෙවිත්න මහතාගේ, සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (සෞන්දර්ය) චන්දමාලි ධර්මසේන මත්මියගේ සහභාගීත්වයෙන් සහ තවත් ප්‍රභූන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණ. විශ්‍රාමලත් විදුහල්පතිඩී.ආර්. බණ්ඩාර මහතා, මහජන බැංකුවේ කෑගල්ල කලාපීය සහකාර ප්‍රාදේශිය කලමණාකාර ජානකි නවරත්න මහත්මිය, ප්‍රවීන ශිෂ්‍යත්ව දේශක නිශාන්ත පුන්තු මහතා, කෑගල්ල අධ්‍යාපන කොට්ඨාසයේ විදුහල්පතිවරුන් ඇතුළු ප්‍රභූන් ද දෙමවුපිය පිරිසක්ද මේ අවස්ථාවට සහභාගී වූහ.
විද්‍යාලයේ විදුහල්පති වසන්ත කුමාර මහතාගේ අධීක්ෂණය හා මග පෙන්වීම මත නියෝජ්‍ය විදුහල්පතිවරු වන ඕ.කේ. පොඩිනිලමේ මහතා සහ අශෝකා ජයතිස්ස මහත්මිගේ අධික්ෂණයෙන් අචාර්ය මණ්ඩලය පාසල් සංවර්ධන සමිතියේ සහයෝගයෙන් සංවිධානය කර තිබිණ. සිසු සිසුවින් විසින් ඉදිරිපත් කළ සාහිත්‍යාංහ රැසකින් උළෙල වර්ණවත් විය. පසුගිය වසරේ සාහිත්‍ය අංශයෙන් දක්ෂතා දැක්වූ සිසු සිසුවියන් හට ත්‍යාග හා සහතික පත්ද ප්‍රදානය කෙරුණු අතර ‘‘ නැණ අස්වන්න“ ශිෂ්‍ය නිර්මාණ සංග්‍රහයේ තෙවැනි කලාපයද මෙදින එළි දැක්විණ.
සටහන හා ඡායාරූප- රුෂිරු තරංග
Reply To:
Name - Reply Comment
0 Comments