Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ADA Center Spread 10-11-5ළමා කාලයේ සුන්දරත්වය නැවතත් හදවතට සමීපකරවන ටෙලි නාට්‍යයක් ලෙස මේදිනවල දෙරණ නාළිකාවේ විකාශය වන සිඳූ හැඳින්විය හැකිය.එහි එන ළමා චරිත අතුරින් සෝරත පොඩි හාමුදුරුවන්ගේ චරිතය කැපීපෙනෙන චරිතයක් වී තිබේ.මේ නිසාම සිඳු හි සෝරත පොදු හාමුදුරුවන් සමග කතාබහ කිරීමට අපි දෙරණට ගියෙමු.

පොඩි හාමුදුරුවනේ කෝ සිවුර?

දැන් ෂූටිං නෑනේ. ඒ නිසා සිවුර තියලා ආවේ.

ADA Center Spread 10-11-2පොඩි හාමුදුරුවන්ගේ නම මොකක්ද?

කවීෂ විහඟ

අපි පොඩි හාමුදුරුවො කියන්නද? කවීෂ කියන්නද?

කවීෂ කියන්න.

කවීෂ මේ දවස්වල මොනවද කරන්නේ?

ඉස්කෝලෙ නිවාඩු. ඒ නිසා ෂූටිං යනවා, සෙල්ලම් කරනවා.

 

රඟපානකොට ඔයාට බයහිතෙන දේවල් එහෙම වුණාද?

ඔව්. එක දවසක් රඟපානකොට උඩින් ආපු ප්ලේන් එකකට බයවුණා. මට ඇඬුණා. ඊටපස්සෙ ඒ මාමලාට මම කිව්වා ඒක ටීවී එකට දාන්න එපා කියලා.

ඉතිං තව මොනවද වුණේ?

දවසක් ෂූටිං කරද්දිවැව ළඟදි එකපාරටම දුවගෙන එන්න කිව්වා. මම දුවගෙන ආවා. ඊටපස්සේ ජබොස් ගාලා ගිලුණා. ආයෙ උඩට ආවා. වැවේ ඉද්දි මාළුත් කෙටුවා.ලොකු හාමුදුරුවන්ට හොරෙන් යාළුවොත් එක්ක වැවේ නාන්න ගිහිල්ලා තමයි එහෙම වුණේ.ඊටපස්සේ එයාලා ආපහු යට යන්න කිව්වා. මම බයවෙලා ගියේ නැහැ.

කැලේ යද්දි මොකද වුනේ?

කැලේ යද්දි කටු ඇනිලා මම ඇඬුවා. එතකොට ඒ මාමලා කටු අයින් කළා.

ADA Center Spread 10-11-4සිඳු කණ්ඩායමේ ඉන්න නැන්දලා, මාමලා කවීෂට මොනවද කියන්නේ?

එයාලා මට ගොඩක් ආදරෙයි. මාව හැමවෙලාවෙම වඩාගෙන ඉන්නේ.

පොඩි හාමුදුරුවන්ගේ යාළුවො ටික කොහොමද?

එයාලා හොඳයි. මම රඟපානවා ලස්සනයි කියලා කියනවා.

එතකොට සිඳූ?

එයත් හොඳයි.

සිඳූ නාට්‍යයේ ඔයා කැමතිම කෙනා කවුද?

හීං බබා සීයා

ඒ ඇයි?

ADA Center Spread 10-11-18හීං බබා සීයා ලොකු කතන්දර කියනවා. මම එයාට ආසයි. මට සරුංගලයක් හදලා දෙනවා කිව්වා. තවම හදලා දුන්නෙ නැහැ. හැබැයි ඉතිං හීං බබා සීයා ටිකක් බොරුත් කියනවා.

එතකොට ලොකු හාමුදුරුවො කොහොමද?

ලොකු හාමුදුරුවෝ හොඳයි. හැබැයි ටිකක් සැරයි.

සරණ ගැනත් කියමුද?

මම පූසෙක් වඩාගත්තෙ ඉස්සරලම නාට්‍යයට. ඒ කුරුණෑගල ෂූටිං තියෙද්දි. අපි එහෙ නැවතිලා හිටියෙ. %සරණ^ ටිකක් බරයි. මට බයත් හිතුණා. මම වඩාගත්ත ගමන් එයාපැනලා දිව්වා.

ගෙදර කවුරු කවුරුද ඉන්නේ?

අම්මයි, තාත්තයි, මල්ලියි, මමයි

ගෙදර අය සිඳූ  බලනවද?

ඔව්, එයාලා හොඳයි කියනවා. අපේ ගමේ නැන්දලා මාමලාත් හොඳයි කියනවා.

ADA Center Spread 10-11-3කවීෂට ඇත්තටම පොඩි හාමුදුරු කෙනෙක් වෙන්න ආසයිද?

(සිනහවෙමින්)ඔව්. ආසාවක් තියෙනවා.

ගමේ පන්සලේ හාමුදුරුවො මොකද කියන්නේ?

හාමුදුරුවෝ ආසයි. මහණ වෙන්න කතා කරනවා.

ඉතිං පොඩි හාමුදුරුවෝ නාට්‍ය‘යේ බණ කියනවද?

බණ කියන්නනැහැ.

ADA Center Spread 10-11-24දැන් සිවුර තනියම ඇඳගන්න පුළුවන්ද?

තවම බැහැ. එයාලා අන්දවනවා.

නාට්‍යයට අමතරව තව මොනවද කරන්නේ?

දෙරණ එෆ්.එම්. එකේ පුංචි තරුත් එක්ක ආයුබෝවන් වැඩසටහනේ ඉන්නවා. ඒකේ මම හඬකැවීම්කරනවා. නාට්‍ය රඟපානවා, කතා කියනවා, අපේ වැඩසටහනට එන අයගෙන් තේරවිලි අහනවා. සිංදු කියන්න කියල කියනවා.

කවීශ මොනවටද වැඩියෙන්ම ආස?

නාට්‍ය රඟපාන්න

ADA Center Spread 10-11-13තව නාට්‍යවල රඟපාන්න කැමතිද?

ඔව්,රඟපාන්න කැමතියි.

එහෙම රඟපාන්න කතා කරලා තියෙනවද?

තවම නම් නැහැ.

පොඩි හාමුදුරුවන්ගෙ චරිතෙ රඟපෑවා වගේ තව මොනවද රඟපාන්න කැමති චරිත?

රජතුමාගේ චරිතෙ රඟපාන්න කැමතියි.

එතකොට කවීෂගෙ ඉස්කෝලෙ මොකක්ද?

පනාගොඩ ශ්‍රී පරාක්‍රම මහා විද්‍යාලය

කීවෙනි වසරෙද ඉන්නේ?

එක වසරේ. ටීචර්ගේ නම කුසුමාලි.

කවීෂගේ මව වන චතුරිකා ප්‍රියංගනී  මහත්මිය කියන්නේ මෙවැනි දෙයක්....

අපේ පවුලේ ඉන්නෙ මමයි, මහත්තයයි, ලොකු පුතයි, පොඩි පුතයි. ලොකුපුතා මොන්ටිසෝරි යද්දි නාට්‍යයක් රඟපාන්න හිටියා.

ඒ නාට්‍ය බලන්න මගේ පුංචියි, බාප්පයි ඇවිත් හිටියා. එයාලගේ පුතා වැඩකරන්නෙ දෙරණ නාළිකාවේ. ඒ මාර්ගයෙන් තමයි මුලින්ම දෙරණ එෆ්.එම්. එකට සම්බන්ධ වුණේ. අපි සම්මුඛ පරීක්‍ෂණයකට ආවා. ඒකෙන් පාස්වෙලා තමයි පුතා දෙරණට සම්බන්ධ වුණේ.මේ අතරතුර දෙරණේ උපසභාපති, ලක්සිරි මහත්තයගෙ මාර්ගයෙන් මේ නාට්‍යයට සම්බන්ධ වුණා.

නාට්‍ය නිසා ලැබෙන ප්‍රතිචාර ගොඩක් හොඳයි. ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා.  ගමේ, පාසලේ හැමදෙනාගෙන්ම හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

පුතාට පිටපත කියවන්න පුළුවන් වුණාට තේරුම්ගන්න අමාරුයි. ඒ නිසා අධ්‍යක්ෂ මහත්තයා කියලා දීලා ඒ අවස්ථාවේ තමයි ටිකෙන් ටික කරවන්නේ.පුතා මේ නාට්‍යයට කැමතියි. නමුත් දවසම ෂූටිං තියෙද්දී සමහර දවස්වලට එයාට වෙහෙසයි. එතකොට %අමාරුයි අම්මේ දැන් ඇති^ කියලත් කියනවා.

විශේෂයෙන්ම මගේ පුතාට මේ නාට්‍ය ලැබුණෙ, මොන්ටිසෝරි ටීචර් නාට්‍ය කරපු නිසායි.

චාමර සම්පත් / ඡායාරූප - ශමිර රාජපක්ෂ

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.