දෙල්ගහ යට පුංචි ගෙදර කෘතිය එළිදැක්වුණු දා
- 2020-02-28 17:11:49
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
විජය ළමා පුවත්පත සහ එම්.ඩී.ගුණසේන සමාගම එක්ව සංවිධානය කළ පොත් ලියන ඉස්කෝලේ යොවුන් නවකතා අත්පිටපත් තරගයේ ජයග්‍රහී යොවුන් නවකතාවක් වන දෙල්ගහ යට පුංචි ගෙදර කෘතිය එළි දැක්වීම සහ මිනුවන්ගොඩ දොරණාගොඩ මහා විදුහලේ වාර්ෂික විවිධ ප්‍රසංගය විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පසුගියදා පැවැත්වුණි.
දෙල්ගහ යට පුංචි ගෙදර කෘතිය දොරණාගොඩ මහා විද්‍යාලයේ ආචාරිනී ශ්‍යමිලා ඉන්දීවරි තිලකරත්න මහත්මියගේ කෘතියකි. එහි මුල්පිටපත ඇය විසින් ඇයගේ මව වන නීටා මිහිඳුකුලසුරිය මහත්මියට සහ වයී.පී. ජයකොඩි අප්පුහාමි මහත්මා වෙත පිළිගැන්වුණි.
මෙම අවස්ථාවට මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ සිංහල විෂය අධ්‍යක්ෂ වයි.පී.ජයකොඩි අප්පුහාමි විජය ළමා පුවත්පතේ ප්‍රධාන කර්තෘ දුමින්ද සංජීව බාලසූරිය, ඇම්.ඩී.ගුණසේන සමාගමේ ප්‍රකාශන කළමනාකාර ජයම්පති රාජකරැණා, සංස්කාරක තනුජා නිල්මිණි, මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ ඉංග්‍රීසි ගුරැ උපදේශිකා එච්.කේ.කේ. මධුෂානි, දොරණාගොඩ මහා විදුහලේ විදුහල්පති වයි.පී.එම්. ලක්මලි යන මහත්ම මහත්මිහු ඇතුළු පිරිසක් සහභාගී වූහ.
විවිධ ප්‍රසංගය විවිධ ගායන, වාදන නර්තන අංග රුසකින් අලංකාරවත් වූ අතර නර්තන විශේෂංග පුහුණු කිරීම නිලංගා දසනායක ගුරැමහත්මිය විසින් සිදු කෙරිණී.

(සටහන හා ඡායාරෑප - රැෂිරැ තරංග)
Reply To:
Name - Reply Comment
0 Comments