නිවර්තන කලාපයේ උසින් වැඩිම ගස හමුවේ
- 2016-11-18 12:35:07
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
‘බෝනියෝ’ අග්නිදිග ආසියාවේ ඇති විශාල දූපතක්. බෝනියෝ දූපත දේශපාලනික වශයෙන් මැලේසියාව, බෲනෛයි සහ ඉන්දුනීසියාවට අයිති වෙනවා. ඉන්දුනීසියාවට අයත් ජාවා දූපතට උතුරින්, සුමාත‍්‍රා දූපතට නැගෙනහිරින් සහ සුලවේසී දූපතට බටහිරින් මේ බෝනියෝ දූපත පිහිටා තිබෙනවා. දූපතෙන් සියයට 73 ක් අයිති ඉන්දුනීසියාවට. ඒ හින්දා වැඩි අයිතිය තියෙන්නේ ඉන්දුනීසියාවටයි. බෝනියෝ දූපත වැදගත් වෙන්නේ කාරණා දෙකක් හින්දයි. ලොව පැරණිතම වැසි වනාන්තර පිහිටා තියෙන්නේ බෝනියෝ දූපතේ. ඒ වගේමයි, ඒ වනාන්තරවල ජීවත් වෙනවා බෝනියෝ ඔරන් උටන් සහ රයිනෝසිරස්. දැන් තවත් හේතුවක් නිසා බෝනියෝ දූපත ප‍්‍රසිද්ධියට පත්වෙලා. ඒක තමයි ලෝකයේ උසම නිවර්තන කලාපීය ගස පිහිටලා තියෙන්නෙත් මෙම වැසි වනාන්තරයේ.
අඩි 309 ක් උසැති මේ ගස, දැවැන්ත නිල් තල්මසුන් තුනක් පෙළට තැබුවාවටත් වඩා දිගින් යුක්ත වෙනවා යැයි බි‍්‍රතාන්‍යයේ මේල් ඔන්ලයින් පුවත් වෙබ් අඩවිය කියනවා. ලොව උසින් වැඩිම නිවර්තන කලාපීය මෙම ගස ගැන මුලින්ම විද්‍යාඥයන්ට දැනගන්න ලැබුණේ මීට මාස 5 කට කලින්. ඒත් එය ප‍්‍රසිද්ධ වුණේ පසුගිය දිනෙකයි. මීට කලින් ලෝකයේ උසින් වැඩිම නිවර්තන කලාපීය ගස විදියට වාර්තා අතරට එක් වී තිබුණේ මැලේසියාවේ ‘කහ පැහැති ‘මෙරන්ටි’ ගසකි. එහි උස අඩි 294 කි.
ඡායාරූප-Gettyimages
වැඩි විස්තර සඳහා 2016 නොවැම්බර් මස 29 දා විජය පුවත්පත බලන්න
Reply To:
Name - Reply Comment
0 Comments