පොළොන්නරුව ත්‍රෛභාෂා ජාතික පාසලේ ඉදිකිරීම් ජනපති ප‍්‍රධානත්වයෙන් ඇරඹේ
- 2017-10-01 01:24:50
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ජාතික සංහිඳියාව තහවුරු කෙරෙන බහු වාර්ගික හා ත්‍රෛභාෂා අධ්‍යාපනය සහිත නව ජාතික පාසලක අවශ්‍යතාවය ඉටුකරමින් ඉන්දීය රජයේ ආධාර යටතේ පොළොන්නරුව, කදුරුවෙල ඉදිකෙරෙන ත්‍රෛභාෂා ජාතික පාසලේ ඉදිකිරීම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් (29)දා පෙරවරුවේ ආරම්භ කෙරිණි.
ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයකට අනුව මෙම පාසල ඉදිකෙරෙන අතර, අනුරාධපුර, ති‍්‍රකුණාමලය, අම්පාර හා මඩකලපුව වැනි යාබද දිස්ති‍්‍රක්කවල බහුවාර්ගික හා ත්‍රෛභාෂා අධ්‍යාපනය සහිත මිශ‍්‍ර පාසලක අවශ්‍යතාව ඉටු කිරීම, ඉංගී‍්‍රසි මාධ්‍ය අධ්‍යාපනය ප‍්‍රචලිත කිරීම මෙන්ම ගෝලීය තරගකාරී සමාජ ආර්ථික ලෝකයට ගැළපෙන, ජාතික සංහිඳියාව හා සමාජ ඒකාග‍්‍රතාව තහවුරුවන පරිදි, උසස් දැනුමකින් යුත් පිරිපුන් ශිෂ්‍ය පරපුරක් බිහි කිරීම මෙහි මූලික අරමුණු වේ.
06 වෙනි ශ්‍රේණියෙන් ආරම්භ කර උසස් පෙළ දක්වා පන්ති පැවැත්වීමට නියමිත මෙම පාසල සියලු පහසුකම්වලින් සමන්විතව ඉදිකිරීමට සැලසුම් කර තිබෙන අතර, මූලික අදියර යටතේ 06 හා 07 ශ්‍රේණි සහිත දෙමහල් ගොඩනැගිල්ල, නේවාසිකාගාරය, පරිපාලන ගොඩනැගිල්ල, සනීපාරක්ෂක හා විද්‍යාගාර පහසුකම් මෙන්ම ගුරු නිල නිවාස ඇතුළත්වන අතර 2019 වසරේදී මෙහි අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට නියමිතය.
පාසලේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට අදාළ සමරු ඵලකය මෙහිදී ජනාධිපතිතුමා අතින් නිරාවරණය කෙරුණු අතර ඉදිකිරීම්වලට අදාළ සැලැස්ම ද ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් විය.
රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා ඇතුළු පළාත් මැති ඇමතිවරු පිරිසක් ද, ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සින්දු මහතා ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
(රජයේ නිල පුවත් සේවය)
DDDDDDDDDD
Reply To:
Name - Reply Comment
0 Comments