බර්ලින් සත්තුවත්තේ නිවුන් පැන්ඩා පැටවුන් ප්‍රදර්ශනයට
- 2020-01-30 15:53:09
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පසුගිය වසරේදී ජර්මනියේ, බර්ලින්හි පිහිටි සත්වෝද්‍යානයකදී උපත ලැබූ නිවුන් පැන්ඩා පැටවුන් දෙදෙනා පළමුවරට මාධ්‍ය සඳහා ප්‍රදර්ශනය කිරීමට බලධාරීන්කටයුතු සලස්වා තිබිණි. මෙම පැටවුන් මාස 5ක් පමණ වයසැතිය. ‘දිගු කලක් බලා සිටි සිහිනය’ සහ ‘සැබෑ වූ සිහිනය’ යන අර්ථය සහිත ‘මෙන් ෂියෑන්’ සහ ‘මෙන් යුන්’ ලෙස ඔවුන්ව නම් කර ඇත. මාධ්‍යයට විවෘතව තිබූ ස්ථානයේ මෙම පැටවුන් දෙදෙනා ඔවුන්ගේ මව වන ‘මෙන්මෙන්’ දෙස බලමින් එමෙ මෙහෙ ඇවිදිමින් නගිමින් සිටින අයුරු දැක ගත හැකි විය.
ජර්මනියේ සත්වෝද්‍යානයකදී උපන් පළමු පැන්ඩා පැටවුන් දෙදෙනා මොවුන්ය. පැන්ඩා පැටවුන් අබිජනනය කිරීම අසීරු කටයුත්තක් බැවින් මෙම උපත දුර්ලභ එකක් බව සැලකේ. මහජනයාට ද මොවුන් නැරඹීමට ඉඩ ලබාදෙන බැවින් මේ නිසා සත්වෝද්‍යානයට බොහෝ පිරිසක් පැමිණෙනු ඇති බවත්, ඔවුන් වෙනුවෙන් දිගු පෝලිම් වැළැක්වීමට ටිකට් කවුන්ටර කිහිපයක් විවෘත කිරීමට සහ පැන්ඩා පැටවුන් සිටින අවට ආරක්ෂකයන් රඳවා තැබීමටත් ඔවුන් සූදානමින් සිටින බව වාර්තා වේ.
‘මෙන්මෙන්’ සහ ‘ජිඕ චින්’ යන ඔවුන්ගේ දෙමව්පියන් හැරුණුවිට, ජර්මනියේ සිටින එකම පැන්ඩා පැටවුන් මොවුන්ය.චීනය දුන් ණයක් වශයෙන් 2017 ජූනි මාසයේදී පැන්ඩා මව්පියවරු දෙදෙනා බර්ලින් නුවරට ගෙනෙන ලදී. මෙම මව්පිය පැන්ඩාවරු දෙදෙනා වෙනුවෙන් අවුරුදු 15කකාලයක් වෙනුවෙන් බර්ලින් සත්වෝද්‍යානය යුරෝ මිලියන 13.4ක මුදලක් චීනයට ලබාදීමට නියමිතය. වසර 4ක් ඇතුළත මෙම පැටවුන් දෙදෙනා නැවත චීනයට රැගෙන යනු ඇත.
(ඒඑෆ්පී ඇසුරිනි)
ඩිල්ෂානි චතුරිකා දාබරේ
Pic -AFP / Tobias SCHWARZ
Reply To:
Name - Reply Comment
0 Comments