Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

එදිනෙදා මුළුතැන්ගෙයි භාවිත කරන මයික්‍රොවේව් උදුන කාලයක් භාවිත කරන විට එහි නිපදවෙන අධි සංඛ්‍යාත තරංග උදුනේ දොරෙන් කාන්දු විය හැක. දොර අසල රැුඳී සිට දිගු කලක් මෙම තරංගවලට නිරාවරණයවීමෙන් අහිතකර සෞඛ්‍ය බලපෑම්වලට මුහුණදීමට සිදුවේ.

CAM00126
මෙය සැලකිල්ලට ගනිමින් මයික්‍රෝවේවි උදුනේ අධි සංඛ්‍යාත තරංග කාන්දු වෙන්නේදැයි සෙවීම සඳහා ඉලෙක්ට්‍රොනික උපකරණයක් නිපදවීමට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විදුලි හා විද්‍යුත් ඉංජිනේරු අංශයේ සිසුහු තිදෙනෙක් සමත්වී සිටිති.
විදුලි හා විද්‍යුත් ඉංජිනේරු අංශයේ අවසන් වසරේ ඉගැනුම ලබන කපිල නයනානන්ද, ඉන්ද්‍රචාපා තෙන්නකොන් සහ යසුරි නවිදුනී යන සිසුහු මෙම උපකරණය නිර්මාණය කළහ. ඉංජිනේරු පීඨයේ මහාචාර්ය දිසාල උඩුවාවල මහතා මෙය නිර්මාණය කිරීමේදී ඔවුනට මඟ පෙන්වීය.

Capture
කාන්දු වන මයික්‍රෝවේවි උදුනට දිගුකාලීනව නිරාවරණය වුණොත්
මයික්‍රොවේවි උදුන අසල සිට සෙන්ටිමීටර 5 දුරකදී කාන්දුවන තරංගවල ක්ෂමතා ඝනත්වය වර්ග සෙන්ටිමීටරයට මිලිවොට් 5 ක් ඉක්මවූ විට සමේ පිළිකා, ඇසේ සුද, කරකැවිල්ල, හිසේ කැක්කුම වැනි අබාධ ඇතිවීමේ ප‍්‍රවණතාවක් තිබෙන බවත් එම අගය 10 ඉක්මවු විට ක්ෂණික පිළිස්සීම් පවා ඇතිවිය හැකි බවත් පර්යේෂකයෝ පවසති. සාමාන්‍යයෙන් ක්ෂමතා ඝනත්වය 2 ඉක්වුවහොත් උදුනේ දොර අලූත්වැඩියා කිරීම හෝ උදුන මාරුකිරීම නුවණට හුරුය.

20170117_122730
තවමත් ලංකාවේ වෙළෙඳපොළේ මෙවැනි උපකරණ නෑ
මෙම උපරකරණය නිර්මාණය කිරීමට හේතු සාධක වුණේ සංවර්ධිත රටවල මෙවැනි උපකරණ භාවිතවීමය. එහෙත් අපේ රටේ මේ පිළිබඳව එතරම් දැනුම්වත් බවක් නොමැති අතර මෙවැනි උපකරණ වෙළෙඳපොළේ සොයාගැනීමට නොහැක. අනෙක් කරුණ නම් මෙවැනි උදුන් භාවිතය දිනෙන් දින ඉහළ යෑමය. එබැවින් මෙවැනි උපකරණයක් නිපදවීමට පර්යේෂකයෝ පෙළැඹුණහ. 
මුද්‍රිත වර්ගයේ ඇන්ටනාවක් ඔවුන්ම නිර්මාණය කරයි

CAM00117
ගිගා හර්ට්ස් 2.45 සංඛ්‍යාතයට සුසර කරන විද්‍යුත් පරිපථ පුවරුවක මුද්‍රිත වර්ගයේ ඇන්ටනාවක් මේ සඳහා ඔවුන් විසින් නිර්මාණය කෙරිණි. එමගින් ලබාගන්නා සංඥා අධි සංඛ්‍යාත ෂොට්කි දියෝද සහිත විද්‍යුත් පරිපථයකින් සරල ධාරා තත්ත්වයට පත් කෙරෙන අතර එම සරල ධාරා වෝල්ටීයතාවය මයික්‍රොවේව් තරංගවල ක්ෂමතා ඝනත්වය මත රඳා පවතින බැවින් එමගින් ක්ෂමතා ඝනත්වය මැන ගැනීම මෙම උපකරණයෙන් සිදුකෙරේ. මෙම උපකරණයෙන් සරල ධාරා වෝල්ටීයතාව ඩිජිටල් සංඥාවක් බවට පත්කර මයික්‍රෝ කොන්ට්‍රෝලරයක් හරහා එල්.සී.ඞී. තිරයක ක්ෂමතා ඝනත්වය දර්ශනයවේ. 

Microwave-leakage-detector
වාණිජ මට්ටමට ගෙන්න හදයි
මෙය  ඕනෑම අයෙකුට පහසුවෙන් භාවිත කළ හැකි අතර මෙය තවත් වැඩි දියුණු කර වානිජ මට්ටමේ උපකරණයක් බවට පත්කිරීමට විදුලි හා විද්‍යුත් ඉංජිනේරු අංශයේ විද්‍යාගාර උපදේශකවරු වන එම්.ටී.එල්. දයාරත්න, කේ. පාලිතරත්න සහ අයි. චන්ද්‍රසිරි යන ඉංජිනේරුවරු දැනට කටයුතු සිදුකරමින් පවතී. 

(ගයාන් සූරිආරච්චි)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.