යකඩ යුගයේ කාන්තාවකගේ සිරුරක් ස්විට්සර්ලන්තයේ ගසක බෙණයක
- 2019-08-12 15:48:34
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ස්විට්සර්ලන්තයේ උතුරුදිග ප්‍රදේශයේ වූ සුරිච් නගරයෙහි පාසැල් ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ ස්ථානයක ගසක බෙණයක තිබී වසර 2,200කට වඩා ඉපැරණි යකඩ යුගයේ විසූ කාන්තා මළ සිරුරක් හමුවී ඇත. ඉස්තරම් වූල්වලින් සැකසූ වස්ත්‍රයකින්ද, සලුවකින්ද, බැටලු ලොමින් කළ සැට්ටයකින්ද, වීදුරුවලින් කරන ලද මාලයකින් ද මළ සිරුර සැරසී තිබිණි. ඇගේ සවිමත්, දත් දෙපළ පරීක්ෂාකිරීමෙන් ලැබූ දත්ත වලට අනුව ඇය මිය යනවිට අවුරුදු 40 ක පමණ තැනැත්තියක වන්නට ඇතැයි ගණන් බලා ඇත.
ලෝකඩ අත්පළඳාව, ලෝකඩ බඳපටිය, ගාංචු සහ මාලයේ පෙන්ඩන්ටය අනුව මැය ඉතා පහළ සමාජ ස්ථරයේ කාන්තාවක නොවන බවද ගවේෂකයෝ පවසති. මළසිරුරේ අස්ථි සම්බන්ධයෙන් කළ පර්යේෂණවලදී අනාවරණය වූයේ ඇය ලිම්මත් නදිය ආශ්‍රිත නිම්න භූමියේ වැඩී වර්ධනය වන්නට ඇති බවයි ගස්බෙණය ඉතා උපක්‍රමශීලී ලෙස මළ සිරුර තැන්පත්කිරීමට සුදුසු ආකාරයෙන් සකසා තිබූ බවද ඔවුහු කියති.
(ඕල් දැට් ඉන්ට්‍රස්ටින් වෙබ් අඩවිය ඇසුරිනි)
ඩිල්ෂානි චතුරිකා දාබරේ
Reply To:
Name - Reply Comment
0 Comments