Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ පැරීසිය මූලස්ථානය කොට ක‍්‍රියාත්මක එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය හෙවත් යුනේස්කෝ ආයතනයයේ නව අධ්‍යක්ෂක ජනරාල් ලෙස 45 හැවිරිදි ප‍්‍රංශ ජාතික ඔඩ්රේ අශුලේ මහත්මිය තෝරා පත් කර ගත් බව පැරිස් මූලස්ථානය ප‍්‍රකාශයට පත් කර තිබේ.

රටවල් 195ක් සමාජිකත්වය දරන එයින් රටවල් 58ක් විධායක සභාවට නියෝජනය වන යුනේස්කෝ ආයතනයේ නව අධ්‍යක්ෂක ජනරාල් තෝරා පත් කර ගැනීම සඳහාවූ ඡන්ද විමසීම පසුගිය සතිය පුරාවට පැරිස් යුනේස්කෝ මූලස්ථානයේදී පැවැති අතර ඒ සඳහා අසර්බයිජාන්, වියට්නාමය, චීනය, ඊජිප්තුව, කටාර් රාජ්‍ය, ගෝතමාලා, ඉරාකය, ලෙබනනය, සහ ප‍්‍රංශය යන රටවල අයදුම්කරුවන් 9 දෙනෙකු ඉදිරිපත් වූ අතර ප‍්‍රථම හා දෙවන වටයේ ඡන්ද විමසීමෙන් පසු කටාර් රාජ්‍ය, ඊජිප්තුව සහ ප‍්‍රංශ අයදුම්කරුවන් හැර අනෙක් සය දෙනා තම අයදුම්පත් ඉල්ලා අස්කර ගත් හෙයින් විධායක සභාවේ නිත්‍ය නියෝජිතයන් 58 දෙනා ඉදිරියේ ඉහත අයදුම්කරුවන් තිදෙනා අතර සිව්වැනි වටයේ ඡන්ද විමසීමේදී කටාර් රාජ්‍යයට ඡන්ද 22ක්ද ඊජිප්තුව හා ප‍්‍රංශය සමව ඡන්ද 18 බැගින් හිමිකර ගත්තේය.

එහිදී කටාර් රාජ්‍යයේ අයදුම්කරු මුදල් අල්ලස් ලබාදී ඡන්දයට බලපෑම් කර ඇති බවත් ඒ සම්බන්ධව පරීක්ෂනයක් සිදු කළ යුතු බව පවසමින් ප‍්‍රංශ ජාතික අයදුම්කරුට ඡන්දය පාවිච්චි කරන මෙන් ප‍්‍රකාශයක් කරමින් ඊජිප්තු ජාතික අයදුම්කරු හිටපු ඇමතිවරයකුවූ මුසහිරා කහීටාබ් මහත්මිය තරඟයෙන් ඉවත් වුයේය.

එබැවින් අවසන් පස්වන වටය සඳහා කටාර් රාජ්‍යයේ හමාඩ් බෙන් අබ්දුල් අසීස් අල්කවාරී මහතා හා ප‍්‍රංශ ජාතික ඔඞ්රේ අශුලේ මහත්මිය තේරී පත්වූ අතර අවසන් ඡන්ද විමසීමෙන් කටාර් රාජ්‍යයට ඡන්ද 28ක්ද ප‍්‍රංශයට ඡන්ද 30ක්ද ලෙස ලබා ගනිමින් ප‍්‍රංශයේ හිටපු සංස්කෘතික හා ජන සන්නිවේදන ඇමති ලෙස කටයුතු කල ඔඞ්රේ අශුලේ මහත්මිය ඉදිරි වසර 5 සඳහා යුනේස්කෝ ආයතනයේ නව අධ්‍යක්ෂක ජෙනරාල්වරිය ලෙස තේරී පත් වූයේය.

1972 අගෝස්තු 4 වැනිදා පැරීසියේදී මොරොක්කෝ ජාතික යුදෙව්  පවුලකට දාව උපත ලැබු ඇය පාසැල් අධ්‍යාපනයෙන් පසු පැරීසියේ පිහිටි සයන්ස්පෝ දේශපාලන උසස් අධ්‍යාපන පීඨය, රාජ්‍ය කළමනාකරණය පිළිබඳ උසස් අධ්‍යාපන පීඨය, ඩෝර්ෆින් සරසවිය, එංගලන්තයේ ලැන්කැස්ටර් සරසවියේ අධ්‍යාපනයෙන් පසු ප‍්‍රංශ රාජ්‍ය සිවිල් සේවයට එක් වෙමින් වසර 2003 දී සංස්කෘතික හා ජන මාධ්‍ය කටයුතු පිළිබඳ ජාතික ආයතනයේ අධ්‍යක්ෂක ජනරාල් ලෙස පත්වේ.

ඉන් පසු වසර 2008 දී ජාතික සිනමා හා සජීවිකරණ ඡායාරූප මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂිකාවක් ලෙස සේවය කළේය. ඒ අතරතුර ප‍්‍රංශ චිත‍්‍රපටි දෙකක සහාකාර අධ්‍යක්ෂක ලෙස සහාය වී ඇත.

වසර 2014 දී හිටපු ජනාධිපති ප‍්‍රංශුවා ඔලොන්ද් මහතාගේ සංස්කෘතිය හා ජන සන්නිවේදන පිළිබඳ විශේෂ ජනාධිපති උපදේශිකාවක් ලෙස ජනාධිපති මැදුරේ කාර්ය මණ්ඩලයට එක්වේ. වසර 2016 දී සිදුවු ඇමැති මණ්ඩල සංශෝධනයේ දී සංස්කෘතික හා ජන සන්නිවේදන ඇමැති ලෙස තෝරා පත්වී 2017 ජුනි දක්වා ඇමැති ලෙස කටයුතු කළේය.

ප‍්‍රංශ ජන සන්නිවේදන ක්‍ෂේත‍්‍රයේ සාධනීය වෙනස්කම් රැසක් සිදු කිරීමට මුලිකව කටයුතු කළ අවංක සරල උගත් කාන්තාවක් ලෙස ප‍්‍රංශ රාජ්‍ය සේවය තුළ පිළිගැනීමට ලක්වේ.

කාන්තා අයිතීන් වෙනුවෙන් ප‍්‍රබල හඬක් නගන ඇය ප‍්‍රංශ සමාජවාදි පක්ෂයේ සමාජිකාවකි. හිටපු ජනාධිපති ප‍්‍රංශුවා ඔලොන්ද් මහතාගේ සහාකාරියවූ ප‍්‍රංශයේ සුප‍්‍රසිද්ධ සිනමා නිලි ජුලියා ගයේට්ගේ කිට්ටුම හිතවතියකි.

ඇගේ පියා අන්ඩෙ‍්‍රරේ අශුලේ ප‍්‍රංශ බැංකු ක්‍ෂේත‍්‍රයේ ඉහළම තනතුරු දැරූ මුල්‍ය කටයුතු පිළිබඳ උගතෙකි. වසර 1999 සිට නැසීගිය මොරොක්කෝවේ දෙවැනි හසන් රජුගේ හා වර්තමාන පස්වන මොහෝමඩ් රජුගේ ප‍්‍රධාන උපදේශකයෙකු සේවය කරයි.

යුනේස්කෝ ආයතනයේ නව අධ්‍යක්ෂක ජනරාල්වරිය ඔඩ්රේ අශුලේ මහත්මිය දරුවන් දෙදෙනෙකුගේ මවකි.

(සුනිල් ආනන්ද පැරීසියේ-ලංකාදීප ඇසුරිනි) 

[caption id="attachment_15069" align="alignleft" width="750"]UNESCO'S new elected director-general France's Audrey Azoulay smiles as she arrives the council hall at the UNESCO headquarters in Paris, France, Friday, Oct. 13, 2017. UNESCO's executive board has chosen France's Audrey Azoulay as the Paris-based U.N. agency's new chief, rejecting a candidate from Qatar who was seen as the front-runner a day earlier. (AP Photo/Michel Euler)[/caption]

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.