රණවිරු දූ දරුවන්ට අධ්‍යාපන ශිෂ්‍යත්වයක්
- 2018-04-04 14:32:34
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කුවේට් හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් විසින් පවත්වාගෙන යනු ලබන ‘කුවේට් ශ්‍රී ලංකා එකමුතුව’ සහ රණවිරු සේවා අධිකාරිය එක්ව සංවිධානය කළ මෙරට රණවිරු දූ දරුවන් වෙත අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රදානයක් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මුලස්ථානයෙදී අද (03) පැවැත්විණ.
කුරිරු ත්‍රස්තවාදයෙන් ශ්‍රී ලංකාව මුදවා ගැනීමට තම ජීවිතය පුජා කළ රණවිරුවන් 60 දෙනෙකුගේ දරුවන් 60 දෙනෙකුට මෙහිදී ශිෂ්‍යත්ව පිරිනැමිණ.
ජනාධිපති රන් කුසලාන පැරා ඔලිම්පික් වොලිබෝල් තරඟාවලියේ ශූරතාවය ජයගත් රණවිරු සේවා අධිකාරියේ කණ්ඩායමට උපහාර දැක්වීමද අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අතින් මෙහිදී සිදුවිණ.
රණවිරු සේවා අධිකාරියේ සභාපතිනි අනෝමා ෆොන්සේකා මහත්මියද මේ අවස්ථාවට එක් වුවාය.
(රෝමේෂ් ධනුෂ්ක සිල්වා)
Reply To:
Name - Reply Comment
0 Comments