රුවනාර ළමා වැඩසටහනේ සාමාජිකයන්ගේ වැඩිහිටි දින උත්සවයක්
- 2019-05-03 09:36:27
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ලෝක ළමා දිනය සහ ලෝක වැඩිහිටි දිනය නිමිත්තෙන් ගුවන්විදුලි සංස්ථාවේ රැවනාර ළමා වැඩසටහන සංවිධානය කළ උත්සවයක් ගුවන්විදුලි සංස්ථා පරිශ්‍රයේ දී පසුගියදා පැවැත්වුණි. මෙහිදී ජ්‍යෙෂ්ඨ පුරවැසි වැඩිහිටියන් ඇගයීමේ හරවත් වැඩසටහනක් සිදුවිය.
ගුවන්විදුලි සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් වූ නන්දා ජයමාන්න, මහාචාර්ය සුනන්ද්‍ර මහේන්ද්‍ර, කරැණාරත්න අමරසිංහ, සුමනා ජයතිලක, ජයම්පති අල්ගම, තිලකරත්න කුරැවිට බණ්ඩාර යන මහත්ම මහත්මීහු සම්මානයෙන් පිදුම් ලැබූහ.
චමත්ක කවීන් බණ්ඩාර නිර්මාණය කළ නාට්‍යයක් සහ ළමා ගීත රුසකින් මෙම අවස්ථාව වර්ණවත් කෙරිණි. ජයන්ත අල්ගම මහතා විසින් රචිත රොහාන් ශාන්ත බූලේගොඩ විසින් ගායනා කරන සංගීතවේදී ප්‍රසාද් සිල්වා සංගීතවත් කළ ප්‍රියන්තනී ගමගේ යහම්පත් නිෂ්පාදනය කළ &පොත් කරත්තය* ළමා ගීතය ප්‍රථමවරට එළිදැක්වීම ද මෙහිදී සිදුවිය.
මෙම අවස්ථාවට සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ අනූෂා ගෝකුල, ගුවන්විදුලි සංස්ථාවේ සභාපති සිබ්බි ෆාරැක් ඛාන් ,අධ්‍යක්ෂ ජෙනරාල් ඒරානන්ද හෙට්ටිආරච්චි සහ බිඟු සම්පත සුරුකීමේ සංවිධානයේ ලේකම් තිස්ස බණ්ඩාර තඹවිට යන මහත්ම මහත්මීහුද ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීහු රුසක් ද සහභාගී වූහ.
මෙම වැඩසටහන ස්වදේශීය සේවය සහ අධ්‍යාපන සේවය ඒකාබද්ධව සංවිධානය කළ අතර සමස්ත වැඩසටහන නිෂ්පාදනය ප්‍රියන්තනී ගමගේ යහම්පත් මහත්මිය විසින් සිදුකරන ලදී.
Reply To:
Name - Reply Comment
0 Comments